ශ්‍රී ලංකාව හා නැමීබියාව අතර තරගය හෙට – 19න් පහළ ලෝක කුසලානය 2024

124

2024 යොවුන් ලෝක කුසලානය යටතේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවැනි තරගය හෙට (24දා) නැමීබියානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ 12 වැනි තරගය ලෙස පැවැත්වෙන මෙය දකුණු අප්‍රිකාවේ කිම්බර්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර තරගය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ය.

ශ්‍රී ලංකාව මුහුණ දුන් ප්‍රථම තරගය (21 වැනිදා) සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්විණි. එහිදී විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 48.3 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 204ක් ලබා ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු පහක් ලකුණු 88කට දැවී තිබියදී ශරුජන් සම්මුගනාදන් සමග එක්වී 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 80 ක සම්බන්ධතාවයක් පිහිටුවීමට දිනුර සමත් වූයේය. එහිදී දිනුර කළුපහන පන්දු 55කට මුහුණදී ලකුණු 60ක් ලබා ගැනීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා ඇති විණි. එහිදී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව සිම්බාබ්වේ කණ්ඩායමට පන්දු වාර 22 ක් තුළ ලකුණු 129ක ඉලක්කයක් ලැබිණි.

එහිදී සිම්බාබ්වේ කණ්ඩායමට ලබාගැනීමට හැකි වූයේ පන්දු වාර 21.1 තුළදී සියලු දෙනා දැවී ලකුණු 89ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ලකුණු 39ක විශිෂ්ට ජයක් හිමිවිය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව

පන්දු වාර 48.3 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 204යි.

රවිශාන් ද සිල්වා 31, රුසඳ ගමගේ 31, දිනුර කළුපහන 60, ශරුජන්

සම්මුගනාදන් නොදැවී ලකුණු 41,

පන්දු යැවීමේදී මල්ෂ තරුපති 17/4, රුවිෂාන් පෙරේරා 2/2, විශ්ව ලහිරු 12/2

advertistmentadvertistment
advertistmentadvertistment