අයිඑම්එෆ් එකඟතා සැප්තැම්බරයට පෙර සම්පූර්ණ කරනවා – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය කියයි

88

ඉදිරි තෙමස තුළ ෂඵත්‍ එකඟතා සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ලබන සැප්තැම්බර් මාසයට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා සියල්ල සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් රංජිත් සියඹලාපිටිය රාජ්‍ය ඇමැතිවරයා ඊයේ (11දා) ප්‍රකාශ කළේය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා 62 කින් මේ වන විට ඉටුකර ඇත්තේ එකඟතා 25ක් පමණක් වන බවට සමහරුන් චෝදනා කළද, ඒ සඳහා මහ බැංකුව විසින් කමිටුවක් පත් කර ඇති බවත්, ඔවුන් සඳහන් කරන ආකාරයට ක්‍රියාකාරී සැලැස්ම කාලරාමුවත් සමඟ ඉදිරියට ගමන් කරමින් තිබෙන බවත්ය.

ඒ අනුව ලබන සැප්තැම්බර් මාසය වන විට නිසි පරිදි ඉලක්ක කරා ගමන් කළ හැකි වනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment