ආහාර මිල අඩු නොකළ නිසා බේකරි-හෝටල්වලට රට බිත්තර දීම අත්හිටුවයි

119

ආනයනික ඉන්දියන් බිත්තර අඩු මිලට ලබාදීමෙන් පසුවත් බේකරි නිෂ්පාදනවල මිල අඩුකර මහජනතාවට නොදෙන නිසා බේකරි හා හෝටල්වලට ආනයනික බිත්තර ලබාදීම තාවකාලිකව නතර කළ බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. ආනයනික බිත්තර රුපියල් 35 බැගින් බේකරිවලට ලබා දුන්නත් ඔවුන් බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල අඩුකර මහජනතාවට නොදී අධික ලාභයක් ලබන බව පෙනී ගිය නිසා ඔවුන්ට බිත්තර ලබාදීම නතර කළ බව ද එම නිලධාරියා කීය. මේ වනවිට දිනකට ආනයනික බිත්තර ලක්ෂ 10 බැගින් සතොස හා සුපිරි වෙළෙඳසල් හරහා අලෙවි කරන අතර, අවශ්‍ය බිත්තර තොග පවතින බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment