සාම්පූර් බලාගාරය හදන්න ලංවිම – ඉන්දීය හවුල් සමාගමකට අනුමැතිය

213

ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ තාප විදුලි සමාගම යටතේ ඇති කෙරෙන හවුල් ව්‍යාපාර සමාගමකට ත්‍රිකුණාමලය සාම්පූර් ප්‍රදේශයේ සූර්ය විදුලි බලාගාරයක් ඉදි කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ඇති කර ගත් එකඟතාවකට අනුව විදුලිබල මණ්ඩලය සහ ඉන්දීය තාප විදුලි සමාගම මගින් මෙහිදී මෙගවොට් 135 ක ධාරිතාවකින් යුතු විදුලි බලාගාරයක් අදියර දෙකක් යටතේ ඉදි කිරීමට නියමිතය. එහි පළමු අදියර ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 42.5 පූර්ණ ආයෝජනයක් ලෙසින් මෙගවොට් 50ක ධාරිතාවකින් යුතු සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙන අතර එහිදී සාම්පූර් සිට කප්පල්තුරේ කිලෝමීටර් 40 ක් දිග කිලෝ වොට් 220 ක සම්ප්‍රේෂණ මාර්ගයක්ද ඉදි කෙරෙනු ඇත.

ඒ සඳහා වැය කෙරෙන ඇස්තමේන්තුගත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 23.6 කි. එම අදියරේ කටයුතු 2024 සිට 2025 දක්වා දෙවසරකින් අවසන් කිරීමට සැලසුම් කර ඇත.

ඇමරිකානු ඩොලර් මිලියන 72 පූර්ණ ආයෝජනයක් ලෙස තවත් මෙගවොට් 85 ධාරිතාවකින් යුතු සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීම මෙහි දෙවැනි අදියර යටතේ සිදු කෙරෙන අතර එමගින් ජනනය කරන විදුලිය බෙදා හැරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 42 ඇස්තමේන්තුගත වියදමකින් කප්පල්තුරේ සිට හබරණ දක්වා කිලෝවොට් 220 ක ධාරිතාවක් සහිතව කිලෝමීටර් 76 ක් දිග සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදි කෙරෙයි.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment