සිත් තැවුලට පත් දඹුල්ලේ එස්.අයි. වස බී මරුට

108

දඹුල්ල මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරීක්ෂකවරයකු වස පානය කර, රෝහල් ගත කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (17 දා) ජීවිතක්ෂයට පත්ව ඇති බව ගිරානේගම පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙමටගොල්ලෑගම, දේවහූව ප්‍රදේශයේ පදිංචි කේ. ජී. ලක්මාල් නමැති 36 හැවිරිදි පොලිස් නිලධාරියෙකි.

වස පානය කර සිටි මෙම උප පොලිස් පරීක්ෂකවරයා මකුලුගස්වැව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව දිසා රෝහලට මාරුකර යැවීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

විවාහකයකු වන මරණකරුගේ පියා මීට පෙර ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු, මව සමඟින් නිවසේ ජීවත්ව සිටින අතරවාරයේදී ඉකුත් (14 දා) නිවසේදී වස පානය කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ඇති වූ සිත් තැවුලක් මෙම මරණයට හේතු වන්නට ඇතැයි සැක කරන බවද පොලිසිය පවසයි.

දේහය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment