යුරෝපා ගුවන් කලාපය රුසියානු යානාවලට තහනම්

195

රුසියානු ගුවන්යානාවලට යුරෝපා රටවල ගුවන් කලාපය තහනම් කිරීමට යුරෝපා සංගමය තීරණය කර ඇත.

 එමෙන්ම කලාපයේ ඇති රුසියානු මාධ්‍ය ආයතන කිහිපයකට විකාශන කටයුතුද තහනම් කිරීමට එම සංගමය තීරණය කර ඇත.

 යුරෝපා සංගමය ගත් මෙම තීරණයෙන් පසුව රුසියාවේ සිටින තම පුරවැසියන්ට වහාම එරටින් පිටවන ලෙස ප‍්‍රංශය අවධාරණය කර තිබේ. තවද ඉදිරියේදී රුසියාවට යාමට කර ඇති සැලසුම් සියල්ල කල් දමන ලෙසද ප‍්‍රංශය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා ඇත.

 යුරෝපා සංගමය ගත් තීරණය අනුව රුසියාවේ පුද්ගලික ජෙට් යානා ඇතුළු සියලූම ගුවන්යානවලට කිසිදු යුරෝපා සංගම් රටකට ගොඩබෑමට ගුවන් ගත වීමට හෝ පියාසර කිරීමට නොහැකි වනු ඇත. මේ අතර රුසියාවේ න්‍යෂ්ටික ආරක්‍ෂක අංශ දැඩි සීරුවෙන් තැබීමට රුසියානු ජනපතිවරයා ආරක්‍ෂක අංශ වෙත උපදෙස් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment