වැස්ස දැඩි වෙයි

340


බස්නාහිර, සබරගමුව යන පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි ඇද හැලෙන බවට වූ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

නිරිතදිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව ද එම නිවේදනයේ දැක්වේ.

ඒ අනුව බස්නාහිර සහ සබගරමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිගමී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බැවින් ඉහත ප්‍රදේශවල ජනතාවට වඩාත් සැලකිලිමත් වන ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.

අද (28) උදෑසන 7.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලෙස මිගමී 101.5ක් කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇතග

advertistmentadvertistment
advertistmentadvertistment