දැල් නොවුණු මල් වෙඩිල්ල හදිසියේම පත්තු වී තරුණයා ජීවිතක්ෂයට

379

තඹුත්තේගම ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගී වෙමින් සිටියදී, දැල් නොවුණු මල් වෙඩිල්ලක් පරීක්ෂා කිරීමට ගිය තරුණයෙකු එම මල් වෙඩිල්ල එක්වරම දැල්වී යාම හේතුවෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අංක 41, තේක්කවත්ත, තඹුත්තේගම ලිපිනයේ පදිංචිව සිටි දෙහිවල ලියනගේ ධනුෂ්ක ලක්මාල් ජයතිලක නමැති 31 හැවිරිදි පුද්ගලයෙකි.

පෙරේදා අළුයම 12.15 ට පමණ මරණකරු මංගල උත්සවය සඳහා සහභාගී වෙමින් සිටියදී එම නිවැසියන් සමඟ මල් වෙඩි පත්තු කරමින් සිටියදී, දැල් නොවුණු මල් වෙඩිල්ලකට යළි, ගිනි දැල්වීමට යාමේදී එක්වරම එම මල් වෙඩිල්ල පත්තු වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

අනතුරින් හිසට බරපතළ තුවාල ලැබූ එම තරුණයා තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය කියයි. දේහය තඹුත්තේගම රෝහලේ තැන්පත් කර තිබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි. මෙම අනතුර සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසියේ නිලධාරීහු පිරිසක් වැඩි දුර විමර්ශන සිදු කරති.
මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment