මින්නේරිය කළඹන මේ චණ්ඩියා මට්ටු කරන්න

177

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ ගැවසෙන වල් අලියෙකු මේ දිනවල රාත්‍රී කාලයේ හා උදෑසන මින්නේරිය නගරය හා අවට ගම්මානවලට පැමිණීම නිසා නගරයේ වෙළෙඳසල් හිමියන් හා අවට ජනතාව දැඩි පීඩාවට පත්ව ඇත.

සෑම දිනකම පාහේ රාත්‍රී හත අට වන විටත් උදෑසන පහ හය වන විටත් ගම් වදින මෙම වල් අලියා නගරාසන්නයේ ඇති කාබනික පොහොර නිෂ්පාදනය කරන ස්ථානයකට යාමට පුරුදු වී ඇති අතර අනතුරුව මින්නේරිය නගරයට ගොස් එහි වෙළෙඳසල්වලින් ඉවත දමන කැළිකසළ කෑමට පුරුදු වී ඇත. මේ පිළිබඳ අදහස් දැක්වූ මින්නේරිය ගෙවල් පහ පදිංචි විශ්‍රාමික පොලිස් සැරයන් වරයෙකු වූ අරුණසිරි මහතා මෙසේ පැවසීය. මේ වල් අලි කරදරය අපිට මහත් පීඩාවක්. කොයි වෙලාවේ වල් අලියා එයිද කියලා විශ්වාස කරන්න බෑ. අපි පෙරේදා (02) රෑත් මින්නේරිය පොලිසියට ගියා මේ පිළිබඳව කියන්න. මිනිස් ජීවිතයක් බිලි ගන්න ඉස්සෙල්ලා මේ අලියව වෙනත් ප්‍රදේශයකට ගෙන ගොස් දමන ලෙස අපි ඉල්ලා සිටිනවා.

මින්නේරිය සුජිත් කරුණාතිලක

advertistmentadvertistment
advertistmentadvertistment