මත්පැන් දුම්වැටි බදු ඉහළට

128

සියලු මත්පැන්, වයින්, බියර් වර්ගවල නිෂ්පාදන බද්ද ඊයේ (03 දා) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 20 කින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

එමෙන්ම ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි සඳහා වන බද්ද ද සියයට 20 කින් ඉහළ දමා තිබේ.

නිෂ්පාදන බදු ඉහළ දැමීම හේතුවෙන් මත්පැන් මිලද ඉහළ නංවා තිබේ. ඒ අනුව විශේෂ අරක්කු (මි.ලී. 750) රුපියල් 1050 සිට 1256 දක්වාත් පදම් කළ අරක්කු රුපියල් 1121 සිට 1344 දක්වාත් දේශීයව නිෂ්පාදනය කළ විදේශීය අරක්කු රුපියල් 1309 සිට 1576 දක්වාත් සැර සියයට 5 ට අඩු බියර් රුපියල් 103 සිට 124 දක්වාත් සැර සියයට 5ට වැඩි බියර් රුපියල් 194 සිට 233 දක්වාත් වයින් රුපියල් 248 සිට 297 දක්වාත් මිල ඉහළ දමා ඇත. මෙයට අමතරව දුම්වැටි මිල ද ඉහළ නංවා ඇත.

බදු ප්‍රතිශතයන්ගේ වැඩිවීම පිළිබඳව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා විසින් ට්විටර් පණිවුඩයක් මගින් ඊයේ ප්‍රකාශයට පත් කර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment