නාන්න ගිය දරුවෝ 4ක් මාඔයට බිලි

289

අලව්ව වළකුඹුර ප්‍රදේශයෙන් මා ඔයේ දිය නෑමට ගිය අවුරුදු 14ක වයසේ පසුවන ළමයින් සිව්දෙනකු ඊයේ (27දා) සවස දියේ ගිලී මිය ගොස් ඇත.

මෙසේ මියගිය දරුවෝ අලව්ව සහ පොල්ගහවෙල ප්‍රදේශවල පදිංචිකරුවෝය.

ළමුන් පිරිසක් ඊයේ සවස මාඔයේ දිය නාමින් සිටියදී පස්දෙනකු දියේ ගසාගෙන ගොස් ඇත. ඒ අතරින් එක්දරුවකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.

මියගිය දරුවන්ගේ මෘතදේහ පොල්ගහවෙල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

අලව්ව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment