අබලන් වූ කතරගම බස් නැවතුමට ලෝකයාගේ නෙත යොමුකළ මාධ්‍යවේදී දේවප්‍රියට විශේෂ ඇගයීමක්

319

වසර 09 ක් පුරා අබලන්ව, අපායක් බඳු කතරගම පොදු බස් නැවතුම්පළ සම්බන්ධයෙන් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වෙත වැඩිම වාර්තාකරණයක් සිදුකිරීම වෙනුවෙන් විශේෂ ඇගයීමක් කතරගම මාධ්‍යවේදී කේ. ඩී. දේවප්‍රිය මහතාට හිමිවිය.

කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ අවධානය මෙම බස් නැවතුම්පොළට යොමුවී අදියර කිහිපයකින් මෙය ඉදිකර ඇසළ මංගල්‍යයට සමගාමීව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ

ප්‍රධානත්වයෙන් පසුගියදා මෙය විවෘත කිරීමට පියවර ගන්නා ලදී. කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමියන්, කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත කොබවක ධම්මින්ද හිමි සහ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා විසින් මෙම ඇගයීම් සිහිවටනය ඔහු වෙත ලබාදීමට පියවර ගන්නා ලදී. මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සහ කතරගම කඩ සංගමයේ නිලධාරීහු රැසක් පැමිණ සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment