මඩුකොටන්ආරාවේදී ඇඟලුම් බසය පෙරළී සිව්දෙනකුට තුවාල

24

බඩල්කුඹුර ප්‍රදේශයේ සිට මොනරාගල නගරයේ පවත්වාගෙන යන ඇඟලුම් කම්හලකට සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස්රථයක් ඉකුත් 21 වෙනිදා පෙරළී සිව්දෙනෙකුට තුවාල සිදුවී ඇතැයි බඩල්කුඹුර පොලීසිය පවසයි.

බඩල්කුඹුර – මොනරාගල මාර්ගයේ මඩුකොටන්ආරාව ප්‍රදේශයේදී බස්රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව බස්රථය පාරෙන් ඉවතට පෙරළී ඇත. අනතුරෙන් තුවාල ලැබූ තරුණියන් තිදෙනකු සහ එක් පිරිමි අයකු සුළු තුවාල ලබා බඩල්කුඹුර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපති සුනිල් දිසානායක මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment