එජාපය අද ඩිජිටල් වෙයි

77

එක්සත් ජාතික පක්ෂයේ 77 වැනි සංවත්සරයට සමගාමීව එක්සත් ජාතික පක්ෂය ඩිජිටල්කරණයට ලක්කිරීම අද (06 දා) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදුකිරීමට නියමිතය.

77 වන සංවත්සරය වෙනුවෙන් අද (06 දා) පෙරවරු 7.30 ට සර්වාගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව දිවංගත පක්ෂයේ නායකයින්ගේ පිළිරූවලට පුෂ්පෝපහාර හා මල්දම් පැළඳවීමට නියමිතය.

එම අවස්ථාවට පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන, ජාතික සංවිධායක සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක උප සභාපති අකිල විරාජ් කාරියවසම් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය.

පක්ෂය ඩිජිටල් කිරීමේ මූලික පියවර අද ආරම්භ කරන අතර එහිදී අන්තර්ජාලය ඔස්සේ පක්ෂය හා සම්බන්ධ වීමට පාක්ෂිකයන්ට අවස්ථාව හිමි වේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment