පුංචි ඡන්දය ගැන පොහොට්ටුවේ මතය

345


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වර්තමාන පළාත් පාලන නියෝජිතයන් ඡන්දයට සූදානම් බවත් එම ඡන්දය ජනතාව අපහසුතාවට පත්වන දේවල් නොවන අවස්ථාවක පැවැත්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ප්‍රධානීන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැවසූ බව එම පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා පවසයි.

පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන් ගමට වැඩ කර තිබීම නිසා ඡන්දයකදී ජනතාව ඉදිරියට යෑමට කිසිඳු බයක් නොමැති බවත් ඡන්ය සූදානම් කර තිබියදී විදුලි කප්පාදුවක්, ඉන්ධන හිඟයක් හෝ ආහාර හිඟයක් පැවතිය හොත් ජනතාව ඒවා පිළිබඳව අවධානය යොමු කර තීන්දු ගැනීම වැලැක්විය නොහැකි නිසා ඡන්දයකට සුදුසු වාතාවරණයක් සකස් කරන ලෙස ඉල්ලා සිටි බවත් කාරියවසම් මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment