ගෑස් හිඟයත් මිල ඉහළ යෑමත් සමග උතුරේ දර භාවිතය ඉහළට

363

ගෑස් හිඟයත් ගෑස්වල මිල ඉහළ යෑමත් සමගම උතුරේ වැසියෝ දර භාවිතය කෙරෙහි යොමු වන්නට පටන් ගෙන තිබේ.

එදිනෙදා ජීවිතය ගෙන යෑම සඳහා පලන ලද දර පාපැදිවල හා යතුරුපැදිවල බැ`දගෙන නිවසින් නිවසට ගොස් අළෙවි කළ දර වෙළෙන්දන්ට මීට පෙර දර මිටියක් අලෙවි කර ගැනීම විශාල අපහසුවක්ව පැවතියද මේ දිනවල පාපැදියක ඇති දර මිටි සියල්ලම රුපියල් 1800 කට හා යතුරුපැදියක දර තොගය රුපියල් 2500 කට අළෙවි කර ගැනීම එතරම් ප‍්‍රශ්නයක් වී නොමැත.

මීට පෙර දර අළෙවි කරන්නන් පාරිභෝගිකයන් සොයා ගොස් ඔවුන්ට කන්නලව් කොට දර අළෙවි කළද මේ දිනවල උතුරේ පාරිභෝගිකයෝ දර වෙළෙන්දන් සොයා පැමිණෙන්නට පටන් ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment