මුදලිගේ ඇතුළු 3ක් දින 90 ක් රඳවාගනී – රැඳවුම් නියෝගය ජනපතිගෙන්

253

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙකු දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අදාළ රැඳවුම් නියෝගය ඊයේ (22 දා) ආරක්‍ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

 අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පසුගිය 18 වැනිදා කොළඹදී පැවැත්වූ විරෝධතා පා ගමනේදී ඒ වන විට වරෙන්තු නිකුත් කර සිටි වසන්ත මුදලිගේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

 වසන්ත මුදලිගේට අමතරව හෂාන් ගුණතිලක හා පූජ්‍ය හල්වල සිරිධම්ම හිමියන් ද රැඳවුම් නියෝග මත රඳවා ගැනීමට නියමිතය.

 මෙම සැකකරුවෝ තිදෙනා පැය 72 ක රැඳවුම් නියෝග යටතේ පළමුව රඳවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment