ඉන්දියාවේ හොඳම සංවේදී ගීතයට හිමි සම්මානය ශ්‍රී ලංකාවේ වින්ඩි ගුණතිලකට

564

ශ්‍රී ලාංකික ද්‍රවිඩ ගීතයක් වන ‘අයියෝ සාමිනී’ ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක, දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වැනි එඩිසන් සම්මාන උළෙලේ දී 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ටතම සංවේදී ගීතයට (Best Sensational Song of the Year – 2023) හිමි සම්මානය හිමි කරගෙන පෙරේදා (26 දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

මෙම සම්මාන උළෙල ජාත්‍යන්තර චිත්‍රපට සහ ගීත ඇගැයීම සඳහා පවත්වනු ලබන අතර මෙම සම්මාන උළෙල ඉකුත් 24 දා ඉන්දියාවේ චෙන්නායි නුවර පවත්වා තිබුණි.

මෙම සම්මාන ලබා ගන්නා අවස්ථාවට ගීතය රචනා කළ පොතුවිල් අස්මින් සහ මෙම ගීතය සඳහා සංගීතය නිර්මාණය කළ සනුක වික්‍රමසිංහද එක් වී සිටියහ. මොවුන් පෙරේදා සවස 06.10ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. එසේම වින්ඩි ගුණතිලකගේ දෙමාපියන් වන රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා ද, සනුක වික්‍රමසිංහගේ පියා වන සංගීත් වික්‍රමසිංහ ඇතුළු විශාල පිරිසක් මෙම සම්මාන ලබා ගන්නා අවස්ථාවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත ගොස් තිබුණි. කටුනායක ගුවන් තොටුපොළේ දී ගායිකා වින්ඩි ගුණතිලක තම ‘අයියෝ සාමිනී’ ගීතය ජාත්‍යන්තර ගීත දර්ශකවල ඉහළින්ම ඔසවා තැබීමට ලොව පුරා තම රසිකයන් පළකර තිබූ මනාපවලටද ස්තුතිය පළ කිරීමටද අමතක නොකළාය.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment