සුරතලුන්ගේ සංග්‍රාමය හෙට සිට ඇරැඹේ

131

මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන “සුරතලුන්ගේ සංග්‍රාමය” ක්‍රිකට් මහ තරගයේ 64 වැන්න හෙට (29 වැනිදා) සහ අනිද්දා (30 වැනිදා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මෙවර මහ තරගයේ දී ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය කණ්ඩායම අකිල වික්‍රමසිංහගේ නායකත්වයෙන් පිටියට පිවිසෙන අතර ඉසුර ගුණසේකර උප නායකත්වයෙන් සහය දක්වයි.

එච්. ඒ. ආර්. එස්. ගුණරත්න ගේ නායකත්වයෙන් විද්‍යාර්ථ විද්‍යාලයීය කණ්ඩායම මෙවර පිටියට පිවිසෙන අතර කේ. ජී. එස්. ඩී. චන්ද්‍රසිරි උප නායකත්වය හොබවයි.

මෙතෙක් පැවති තරග ඉතිහාසය තුළ වර්ෂ 13 ක ජයග්‍රහණ ශාන්ත සිල්වෙස්තර විදුහලට හිමි වන අතර වාරයේ දී විද්‍යාර්ථ විදුහල දිනා ගෙන ඇති වාර ගණන 03 කි. ආසන්නම ජයග්‍රහණය ද ශාන්ත සිල්වෙස්තර විදුහල හිමිකම් කියයි. ඒ වර්ෂ 2022 දීය. ආසන්නම විද්‍යාර්ථ ජයග්‍රහණය සටහන්ව ඇත්තේ මීට වර්ෂ 56 කට පෙරාතුව වීම විශේෂත්වයකි.

ශාන්ත සිල්වෙස්තර විදුහල් සංචිතය

අකිල වික්‍රමසිංහ (නායක), ඉසුර ගුණසේකර (උප නායක), සී. වඩුගේ, යෝෂිත ඉසුරංග, අශේන් දිසානායක, විදුසර ගනේගොඩ, අමිත් කුමාර, වගීෂ හංසල, අරෝෂ මෙන්ඩිස්, පුන්සිත් බණ්ඩාර, කාෂ්‍යප දිසානායක, චන්දිමාල් විජේවර්ධන, ඩී. ප්‍රනාන්දු, නිමේෂ සිල්වා, පියුමික කරුණාරත්න, ගගන කරුණාරත්න, නෙත්මිර රණසිංහ, ඉමල්ක රණසිංහ, චාමික බස්නායක, ඉෂාන් ප්‍රභාත්.

ජාලිය වීරසිංහ මහතා (පුහුණුකරු), එන්. මෙන්ඩිස් මහතා (සහාය පුහුණුකරු), ලෙනින් ජයසිංහ මහතා, (ක්‍රිකට් භාර ආචාර්ය), නුවන් ඇටිපොල මහතා (ක්‍රීඩා පරිපාලක), ආර්. ඒ. ඒ. ආර්. රණසිංහ මහතා (විදුහල්පති).

විද්‍යාර්ථ විදුහල් සංචිතය

එච්. ඒ. ආර්. එස්. ගුණරත්න (නායක), කේ. ජී. එස්. ඩී. චන්ද්‍රසිරි (උප නායක), අනුහස් රණවීර, සී. එච්. ජයවික්‍රම, ඕ. බී. බී. ජයරත්න, ජී. වී. ඒ. දිනුජය, ඩී. ඩී. එන්. කේ.එන්. කුමාර, ඩී. එම්. වයි. විද්වන්ත, බී. කේ. නන්දනතිස්ස, වයි. එච්. දිසානායක, එච්. බී. කේ. ජේ. කුමාරසිරි, එස්. කේ. මෝසස්, ඩී.ඩී.බී.බුලන්කුලම, සී. ජී. බණ්ඩාර, ඩී.ආර්.කොඩිකාර, එස්. එච්. පී. තාරක, එස්. අයි. එස්. රඹුක්පිටිය, එච්. කේ. එන්. හෙට්ටිආරච්චි, අයි. පී. බී. දොඩංගොල්ල, ඩී. ඒ. එස්. මුණුගොඩ.

සී. සිරිවර්ධන මහතා (පුහුණුකරු), කවිෂ්ක හපුගොඩ මහතා (සහාය පුහුණුකරු), එච්. ඒ. කේ. ආර්. ජයසිංහ මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), සුමිත් දිසානායක මහතා (ක්‍රීඩා පරිපාලක), එම්. ආර්. පී. මායාදුන්නේ මහතා (විදුහල්පති)

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment