නිලන්තට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න නීතිපතිට නියෝග කරන්න

58

පියතුමෙකුගේ සහ පාස්කු වින්දිතයකුගේ පෙත්සම් සලකා බලන්න අභියාචනාධිකරණයෙන් දින නියම කරයි

සහරාන් හෂීම් ප්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් 2019.4.21 වැනිදා (පාස්කු ඉරිදා) කතෝලික දේවස්ථාන ඇතුළු ස්ථාන කිහිපයක් ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බවට තොරතුරු ලැබී තිබියදීත් ඒවා වැළැක්වීමට පියවර නොගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව නීතිමය පියවර හා විනය පියවර ගන්නා ලෙසට නීතිපතිවරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලා සමාජීය හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ රොහාන් සිල්වා පියතුමා හා පාස්කු ප්‍රහාරයේ වින්දිතයකු වන සුරාච් නිලංග විසින් ගොනු කර තිබූ පෙත්සමක් කරුණු සලකා බැලීම සඳහා ලබන මැයි 28 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (27) නියෝග කළේය.

එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.

එම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇති නම් ලබන මැයි 3 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන ලෙසට නීතිපතිවරයාට නියෝග කළ විනිසුරු මඬුල්ල ප්‍රතිවිරෝධතා ඇතිනම් මැයි 17 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන ලෙසට පෙත්සම්කරුවන්ට නියෝග කළේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කොට තිබිණි. එම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පෙත්සම් දෙකක් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන බැවින් ඒ පිළිබඳවත් සොයා බලා කරුණු දැක්වීමට දින ලබාදෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සුරේන් ඩී පෙරේරා, නීතිඥ මනුෂිකා කුරේ යන විනිසුරු මඬුල්ල සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ අර්මීසා මීගල් මහත්මිය පෙනී සිටියාය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment