පාර දෙපැත්තේ ගස් කපන්නේ නෑ සමබර කරනවා කොළඹ – කොළඹ නාගරික කොමසාරිස්

181

කොළඹ නගරයේ මාර්ග දෙපස තිබෙන වසර ගණනක් පැරණි ගස් සම්පූර්ණයෙන්ම කපා ඉවත් කිරීමට හැකියාවක් නැතැයි කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසයි.

අනතුරුදායක ලෙස මාර්ග දෙපස තිබෙන වසර හතළිහකට වඩා පැරණි ගස් හඳුනාගෙන තිබුණත් ඒවා සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳ විශේෂඥ උපදෙස් ලබාගත යුතු බවද ඒ මහත්මිය සඳහන් කරයි.

මාර්ග දෙපස ඇති අනාරක්‍ෂිත ගස් කප්පාදු කර සමබර කර අනතුරුදායක තත්ත්වය මඟහැර ගන්නවා හැර ගස් කපා දමා කාන්තාරයක් කිරීමට හැකියාවක් නැතැයි ද කොමසාරිස්වරිය සඳහන් කරයි.

ශිරාන් රණසිංහ, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment