ට්‍රම්ප්ට ස්ත්‍රී දූෂණ නඩුවක්

208

ඇමරිකානු ලේඛිකාවක් වන ඊ ජීන් කැරොල් හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ නඩු පවරා තිබේ. මේ වන විට 78 හැවිරිදි වියෙහි පසුවන කැරොල්ට මෙයට වසර 27 කට පමණ පෙර 1995 වසරේදී ට්‍රම්ප් විසින් නිව්යෝක් නගරයේ පිහිටි සුඛෝපභෝගී නිවෙසක කාමරයක දී ලිංගික අතවරයක් සිදු කළ බවට නඩු පවරා තිබේ.

හිටපු ජනාධිපති ට්‍රම්ප් මෙම ස්ත්‍රී දූෂණ චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. නිව්යෝක් ප්‍රාන්තයේ පෙරේදා (24 දා) සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන වැඩිහිටි අතවරවලින් බේරුණු අය සඳහා වන පනත යටතේ අදාළ ලේඛිකාව මෙම නඩුව ගොනු කර තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment