සජබය සර්ව පාක්ෂික සමුළුවට නොඑන හේතු කියයි

396

විපක්ෂ නායක ලේකම් නීතිඥ රවී ජයවර්ධන මහතා ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා වෙත අද (21) සවස විශේෂ ලිපියක් යොමු කරමින් ජනපති කැඳවූ සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමට ගනු ලැබූ තීරණය පිළිබඳ දැනුවත් කර ඇත.
එමගින් මෙසේ කියා ඇත.

සර්ව පාක්ෂික සම්මේලනය කැඳවමින් ජනාධිපතිවරයා යොමුකරන ලද ලිපියෙහි සඳහන් වනුයේ කෝවිඩ් වසංගතය නිසා ගෝලීය ජන ජීවිතය තුළ මෙන්ම රට තුළ දල ආර්ථික හා සාමාජීය අර්බුදයක් නිර්මාණය වු වගයි.

එය කිසිසේත් තර්කානුකූල නොවේග විටෙක කෝවිඩ් මැනවින් කළමණාකරනය කල බැව්ල ප්‍රකාශ කරන ජනාධිපතිවරයා එයට පරස්පර වු මෙම ප්‍රකාශය රට නොමග යවන සුළු අදහසකි.

කලාපීය රටවල සහ ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් කොවිඩ් වසංගතය මැනවින් කළමනාකරණය කර ගැනීමට ගත් පියවර තුළින් එය පැහැදිලි වේගඒ පිළිබඳව ප්‍රකාශිත දත්ත සහ දර්ශක මඟින් දල එය තහවුරු වේ.

අපගේ මාතෘ භුමිය මේ මොහොතේ මුහුණ පා ඇති ආර්ථිකල සමාජීයල ගැටලු සියල්ල වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගත් අතාර්ථික තිරණ තින්දු නිසා සිදු වුවක් බව ඉතාමත් පැහැදිලිය.

රාජ්‍ය මුල්‍ය කළමනාකරණය අයහපත්වීම, වගකීම් විරහිත මූල්‍ය ප්‍රතිපත්තිය, නුසුදුසු පුද්ගලයන් තනතුරු වලට පත්කිරීමල ගජ මිතුරන් සදහා වරදාන වරප්‍රසාද ලබා දෙමින්, මහා පරිමාණයේ දුෂණ වංචා තුළ උද්ගත වු මෙම අර්බුදය තමා විසින් නිර්මාණය නොකල බව ජනාධිපතිවරයා ජාතිය අමතමින් කළ ප්‍රකාශය තුලින් ගම්‍ය වන්නේ තව දුරටත් ජනාධිපතිවරයා නිවැරැදි බව සලකා කටයුතු කරන බවයි.

මේ වන විට ආණ්ඩුවේම පාර්ශවයන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් බරපතළ ලෙස විවේචනය කරමින් සිටිගතමා සමග කටයුතු කරන පිරිස හෝ තම මතය සමඟ එකග නොවන තැන මෙවැනි සම්මේලනයක් තුළින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත හැකියැයි අප විශ්වාසය නොකරමු.

සමගි ජන බලවේගය රට තුළ වර්තමානයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව අනතුරු ඇගවීම් රැසක් සිදු කල ද ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකරමින් අන්තනෝමතික කටයුතු කරමින් රට විනාශයේ මුවදොරට කැඳවු බව රටේ ජනතාවට රහසක් නොවේ.

නිවැරැදි වේලාවේ නිවැරැදි තීරණ නොගැනීම නිසා රටේ අර්බුදය ඔඩු දුවා ඇත්තේ රටේ ජනතාවට ජීවත් වීමට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා මිල දරාගත නොහැකි අන්දමට ඉහළට යමිනි.

එම තත්වය තුළ ආහාරපානල ඖෂධ කිරිපිටිල ඉන්ධනල විදුලියල ගෑස්ල වැනි ජනජීවිතයට අත්‍යවශ්‍ය දෑ සම්පාදනයට ආණ්ඩුව අපොහොසත් වී ඇත.
එමෙන්ම ජනතාවගේ රැකියාල ආදායම් උත්පාදන මාර්ගල කර්මාන්ත සහ අපනයන ආදායම් ක්ෂේත්‍ර බිඳ වැටීම තුළ රටේ අනාගතය බරපතල අභියෝගයකට ලක්ව තිබේග මෙම කරුණු විමසා බලන විට බිඳ වැටී ඇති රටේ ජන ජිවිතය සුරක්ෂිත කිරීමට ආණ්ඩුවට සැබෑ උවමනාවක් ඇතැයි අප විශ්වාස නොකරමු. ගැටලුව විසදිමට ජනාධිපතිවරයා පත්කල ආර්ථික සභාවේ ව්‍යුහය පමණක් සලකා බලනවිට එය පැහැදිලි වේ.
රටේ ජනතාව වෙනුවෙන් ගන්නා ඔිනෑම සාධනිය පියවරකට විපක්ෂයේ සහාය ලබාදීමට කිසිදු පැකිලිමකින් තොරව ඉදිරිපත් වෙමු.
එසේ නොවී තම බල ව්‍යාපෘති සදහා ගන්නා වු ක්‍රියාවලියනට සහායවීමට ජනතාවාදී විපක්ෂයක් ලෙස සිදු කළ නොහැක.
එබැවින් යෝජිත සර්ව පාක්ෂික සම්මේලනයට සමගි ජන බලවේගය සහභාගි නොවීමට තීරණය කළ බව දැනුම් දෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment