ඉන්දියාව සෙලවුණොත් ලංකාවට බලපාන බවට දැනුම් දීමක් නෑ

138

ආපදා කළමනාකාර සහකාර අධ්‍යක්‍ෂ

ඉන්දියාවේ භූ කම්පනයක් සිදුවුවහොත් එහි බලපෑම ශ්‍රී ලංකාවට බලපා හැකි බව ඊයේ (26 දා) වනතෙක් ඉන්දියාව විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කර නැතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

ලෝකයේ දැනට පවතින තාක්‍ෂණයට අනුව අහවල් දිනයේ අහවල් ස්ථානයක භූ කම්පනයක් සිදුවන බවට කල්වේලා ඇතිව ප්‍රකාශ කර නැති බවත්, තාක්‍ෂණයෙන් ඉහළ ජපානය, තුර්කිය හෝ වෙනත් රටවලටවත් භූ කම්පනයක් සිදුවීමට පෙර දින වකවානු ප්‍රකාශ කළ නොහැකි බවත් හෙතෙම කීවේය.

භූ විiා හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ භූ විiාඥවරියක් මේ පිළිබඳව කියා සිටියේ අපේ රටේ පිහිටීම අනුව රට තුළ ප්‍රබල භූ කම්පන සිදුවීමේ හැකියාව ඉතාම අඩු බවය. මෑත කාලයේ සිදුව තිබෙන භූ කම්පන දෙස බැලීමේදී එය රිච්ටර් මාපක තුනයි දශම පහකට අඩු බවත් එම භූ කම්පන ද පල්ලෙකැලේ, බුද්ධංගල, හක්මන සහ මහකනදරාව යන භූ කම්පන මානවල සටහන් වන බවත් පැවසූ ඇය ඒ අනුව කොළඹ කාර්යාලයේ සිට රටේ ඕනෑම තැනක සිදුවන භූ කම්පනයක් පිළිබඳ වාර්තා සකස් කර ගැනීමේ හැකියාව පවතින බවත් කියා සිටියාය.

පෘතුගීසි පාලන සමයේ 1615 දී මෙරට ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව ලේඛනවල සඳහන් කර ඇතත් ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර සඳහන්ව නැතැයි ද ඇය කියා සිටියාය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment