අකුරණ බිල්ලන් මැවූ මව්ලවි රිමාන්ඩ්

190

අකුරණ නගරයේ මුස්ලිම් දේවස්ථානයකට හා මුස්ලිම් ජනතාව වැඩිවශයෙන් ජීවත්වන ගම්මාන කිහිපයකට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ‘118’ හදිසි ඇමැතුම් අංකයට ව්‍යාජ තොරතුරු ලබා දුන් මව්ලවිවරයකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (22 දා) අත්අඩංගුවට ගෙන අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි 04 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ඉසදීන් මොහොමඩ් සජිත් නමැති 21 හැවිරිදි මව්ලවිවරයකු වශයෙන් කටයුතු කළ පුද්ගලයෙකි.

සැකකරු විසින් අප්‍රේල් 18 දා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ 118 හදිසි ඇමතුම් අංකය අමතා අකුරණ

නගරයේ මුස්ලිම් දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට තොරතුරක් ලබාදී ඇත. මෙහිදී ඔහු පවසා ඇත්තේ තොරතුරු ලබාදෙන තමා මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය යුද හමුදාවේ සහය ඇතිව අකුරණ නගරයේ ආරක්ෂාවට පියවර ගෙන ඇත. එවැනි තත්ත්වයක් හමුවේ නැවත අප්‍රේල් 19 වැනිදා මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත්වන ගම්මාන ඉල්ක්ක කර

ගනිමින් ප්‍රහාරයක් එල්ලවීමේ හැකියාවක් ඇතැයිද හදිසි ඇමතුම් අංකයට තොරතුරක් ලබාදී ඇත. එදින ඔහු පවසා ඇත්තේ තොරතුරු දෙන තමා හල්දුම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවය.

මෙම තොරතුරු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්‍ෂණ විමර්ශන කොට්ඨාශය මෙසේ තොරතුරු දී ඇත්තේ එකම පුද්ගලයකු බවට හඳුනාගෙන ඇත. ඒ අනුව හාරිස්පත්තුව බටුගොඩ ප්‍රදේශයේ නිවසකදී සැකකරු අත්අඩංගුවට ගෙන දුරකථනය පරීක්‍ෂා කිරීමේදී අදාළ ඇමතුම් මොහු විසින් ලබාදී ඇති බව තහවුරු කරගෙන ඇත. සැකකරුගෙන් ප්‍රශ්නකිරීමේදී වෙනත් පුද්ගලයකුගේ අවශ්‍යතාව මත තමා මෙම ඇමැතුම් දුන් බව පවසා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment