අවුරුදු මැරතන් තරගයට දිව්ව අයියාගේ සහායට දිවගිය මල්ලී හදිසියේම මියගිහින්

338

අවුරුදු උත්සවයක මැරතන් තරඟයට සහභාගී වී සිටි සිය වැඩිමහල් සහෝදරයාට, සහයෝගය ලබාදීම සඳහා සහෝදරයා සමග දිවගිය දස හැවිරිදි පාසල් සිසුවෙකු හදිසියේ ඇතිවුණු අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බව ගල්කිරියාගම පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පලාගල මහා විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ කුමාර ගුණතිලකගේ ධනුක ලක්ෂාන් ගුණතිලක නමැති දස හැවිරිදි සිසුවෙකි.

පෙරේදා (22දා) ගල්කිරියාගම පොලිස් වසමට අයත් පලාගල, කුඩා හෙට්ටියාව ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක කිලෝමීටර් 3ක් පමණ දුරැති, මැරතන් තරඟයට සහභාගි වී සිටි තම වැඩිමහල් සහෝදරයාට සහාය වෙමින් ඔහු පසුපසින් දිව යමින් සිටියදී මෙම දස හැවිරිදි සිසුවා අසනීප වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

ඉන් අනතුරුව දරුවා කලා වැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා ගිලන් රථයකින් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන යමින් සිටියදී කැකිරාව ප්‍රදේශයේදී ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය කියයි.

මේ වන විට එම දරුවාගේ දේහය කැකිරාව රෝහලේ තැන්පත් කර තිබෙන අතර මරණයට හේතුව අනාවරණය කර ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි.

ගල්කිරියාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. රුක්මල් රත්නායක මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරීහු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.
මිහින්තලේ – රංග චතූ සහ තිරප්පනේ සමන් පෙර්රා

advertistmentadvertistment
advertistmentadvertistment