හෙළ නර්තන කලාවේ ‘රැජිණි’ ජීවිත රඟමඬලින් බැසයයි

439

ශ්‍රී ලාංකේය නර්තන කලාවේ රැජින ලෙස විරුදාවලි ලත් ජ්‍යෙෂ්ඨතම නර්තනවේදිනී අභාවප්‍රාප්ත කලාසූරී රැජිණි සෙල්වනායගම් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා (25 දා) සවස 5.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.

කලාකීර්ති සහ විශ්ව කලා කීර්ති යන සම්මානවලින් පිදුම් ලැබ සිටි ඇය මියයන විට 71 වැනි වියේ පසුවූවාය.

හෙළ නර්තන කලාවේ ‘රැජිණි’ ජීවිත රඟමඬලින් බැසයයි

බලංගොඩ ග්‍රාමයේ හැදී වැඩුණු ඇය සහෝදර – සහෝදරියන් දසදෙනකුගෙන් යුත් පවුලේ තුන්වැනියා වූවාය. රත්නපුර පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විiාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇය කොළඹ සෞන්දර්ය විශ්වවිiාලයෙන් නර්තනය පිළිබඳ වැඩිදුර හැදෑරුවාය.

හලාවත මාදම්පේ සේනානායක ජාතික පාසලේ නැටුම් ගුරුවරිය ලෙස මුල්ම පත්වීම ලැබූ ඇය සිය දැනුම නර්තනය හදාරන දරු දැරියන්ට ලබාදුන්නාය.

එකල රූපවාහිනිය ඔස්සේ විකාශය වූ “නන්දන වින්දන” ඔස්සේ ඇය සිය නර්තන හැකියාවන් විදහා පෑවාය.

නරේන්ද්‍ර රුද්‍රිගු මහතා සමඟ අතිනත ගත් රැජිණි සෙල්වනායගම් මහත්මිය බොහෝ සිසු සිසුවියන් හට නර්තනයේ අත්පොත් තැබූ දයාබර ආචාර්යවරියක වූ අතර රූපවාහිනි නර්තන තරග රැසකම විනිසුරුවරියක ලෙස ද කටයුතු කළාය.

ඇයගේ නිසල දේහය මේ වනවිට කොළොන්නාව, කරුණාතිලක පෙදෙසේ, අංක 06 දරණ ඇයගේ චාමර කලායතනයේ ලබන බදාදා සවස 4.00 දක්වා මහජන ගෞරව සඳහා තැන්පත් කර තබන බව ඥාතීහු පවසති.

එම කලායතනයේදී ආගමික වතාවත් සිදුකර දේහය පිළිබඳ අවසන් කටයුතු බදාදා සවස 5.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment