අම්පාරේ දොස්තර නේවාසිකාගාරය ඇතුළේ අභිරහස් ලෙස මිය ගිහින්

270

අම්පාර මහ රෝහලේ අක්‍ෂි ඒකකයේ රාජකාරි කරන වෛද්‍යවරයකු ඔහු නවාතැන් ගෙන සිටි නේවාසිකාගාරය තුළ අභිරහස් අන්දමින් මියගොස් සිටියදී අම්පාර පොලිසිය මගින් පෙරේදා (23 දා) සොයාගෙන ඇත.

වෛද්‍යවරයා රාජකාරි සඳහා වාර්තා නොකිරීම නිසා රෝහල් සේවකයන් ඔහු නවාතැන් ගෙන සිටි නේවාසිකාගාරය පරීක්‍ෂා කර තිබේ.

එහිදී වෛද්‍යවරයා නේවාසිකාගාරයේ යහනක් මත වැටී සිටියදී රෝහල් සේවකයන් විසින් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.

රෝහල වෙත ඇතුළත් කරන විටත් වෛද්‍යවරයා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් අම්පාර පොලිසිය විමර්ශන පවත්වයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment