ඉල්ලීමක් නැතිව වෘත්තීය සමිති සමග සාකච්ඡා බෑ – විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. සී. ෆර්ඩිනැන්ඩු

104

* යුගදනව් හොඳ ආයෝජනයක් – ලෙකෝ සභාපති නීතිඥ අතුල ද සිල්වා

* වෘත්තීය සමිතිවලට අවශ්‍ය ලෙස ක්‍ෂණිකව විදුලිය කපන්න බෑ – විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුසන්ත පෙරේරා

* අලුත් සම්පත් අත්පත් කරගන්න වෘත්තීය සමිති පොරකන්නේ නෑ – විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්. ආර්. රණතුංග


රාජ්‍ය නිලධාරීන් ලෙස තමුන්ට කටයුතු කළ හැක්කේ විධායකය විසින් ලබාදෙන උපදෙස් මත බවත්, විවිධ දේශපාලන පක්‍ෂ සහ වෘත්තීය සමිති සමග ඔවුන්ගේ ඉල්ලීමකින් තොරව සාකච්ඡුා පැවැත්වීමට තමුනට හැකියාවක් නැති බවත්, විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා පැවසීය.

ඒ මහතා මේ බැව් පැවසුවේ මේ වන විට රටේ ආන්දෝලනයට ලක්ව ඇති කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාරයේ රජය සතු කොටස් සියයට 50 න් සියයට 40 ක් ඇමෙරිකානු සමාගමකට විකිණීම සම්බන්ධව කරුණු දැක්වීම සඳහා ඊයේ (03 දා) ජනාධිපති මාධ්‍ය කේන්‍ද්‍රයේදී සූම් තාක්‍ෂණය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවේදීය.

විෂයභාර ඇමැතිවරයා විසින් මේ සම්බන්ධව විදුලිබල අමාත්‍යාංශයේ සහ මණ්ඩලයේ නිලධාරීන්ගෙන් විමසා සිටියහොත් ඒ සම්බන්ධව කරුණු දැක්විය හැකි බව පැවසූ සභාපතිවරයා මේ වන විට මෙම එල්.එන්.ජී. බලාගාරයේ කොටස් විකිණීම සම්බන්ධව විරෝධය පාන වෘත්තීය සමිති නායකයන් ද තමන් සහ නිලධාරීන් සමඟ සාකච්ඡුාවක් ඉල්ලා සිටියහොත් ඒ සඳහා අවස්ථාව ලබාදිය හැකි බවද කීවේය.

ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විසින් මෙහෙයවනු ලැබූ මෙම මාධ්‍ය හමුවට විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි එම්. ආර්. රණතුංග, විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුසන්ත පෙරේරා, ලෙකෝ සමාගමේ සභාපති නීතිඥ අතුල ද සිල්වා සහ එහි සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්‍ද්‍ර ද සිල්වා යන මහත්වරු සහභාගි වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා මෙසේද පැවසීය.

දැන් මතුව ඇත්තේ විදුලි ජනනය පිළිබඳ අර්බුදයක් නොව විදුලිය ජනනය සඳහා වැයවන මුදල පිළිබඳ අර්බුදයකි. දැනට විදුලි ඒකකයක් සඳහා අය කරන්නේ රුපියල් 16.65 කි. එය 2013 වසරේදී ගණනය කළ ගාස්තුවකි. නමුත් මේ වන විට තාපවිදුලි ඒකකයක් නිපදවීම සඳහා රුපියල් 23 ත් 24 ත් අතර මුදලක් වැය වෙනවා.

මේ වන විට අපට ඉතා අඩු මිලකට විදුලිය ජනනය කළ හැකි ක‍්‍රමයක් වන්නේ ස්වභාවික ද්‍රවශීලී ගෑස් (එල්.එන්.ජී.) මගින් ක‍්‍රියාකරන විදුලි බලාගාරවලින්.

එන්.එස්.පී. සමාගම ලංකාවට ආවේ ගෑස් නිපදවන්න මිස විදුලිය නිපදවන්න නොවෙයි. රජය ඔවුනට ආරාධනා කළා ස්වභාවික ද්‍රවශීලී ගෑස් මගින් විදුලිය නිපදවීමට දායක වන ලෙස.

අපට ගල්අඟුරු මිලදී ගන්න ඩොලර් නැහැ. තාප බලාගාරවලින් විදුලිය නිපදවන්න අවශ්‍ය ඞීසල් මිලදී ගන්නත් ඩොලර් නැහැ. එහෙනම් එකම විකල්පය මෙම එල්.එන්.ජී. බලාගාරයයි.

මෙම විදුලි බලාගාරය වසර 05 කින් එම සමාගම විදුලිබල මණ්ඩලයට යළි පවරනවා. මේ සඳහා වූ ගිවිසුමට නීතිපතිවරයා අනුමැතිය ලබාදී තිබෙනවා.

වෘත්තීය සමිති විරෝධය පාන්නේ මෙම සමාගම ඇමෙරිකානු වීමට පමණයි.

විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුසන්ත පෙරේරා මහතා,

වෘත්තීය සමිතිවලට අවශ්‍ය පරිදි විදුලිය කැපීම ක්‍ෂණිකව සිදුකරන්න බැහැ. ඒ සඳහා ක‍්‍රමවේදයක් තියෙනවා. එය සංකීර්ණ ක‍්‍රියාවලියක්. වෘත්තීය සමිති රටපුරා විදුලිය කපාහැරීමක් සිදුකළේ 1996 වසරේදී. ඉන්පසු විදුලිය කපාහැරීමක් සිදුකරන්න බැරිවුණා.

ටෙන්ඩර් පටිපාටියට බැහැරව කැබිනට් අනුමැතිය මත බොහෝ ගිවිසුම් අත්සන් කර තිබෙනවා. නොරොච්චෝල ගල් අඟුරු විදුලි බලාගාරය ඉදිකළේ රාජ්‍ය තාන්ති‍්‍රක මැදිහත්වීම මතයි. ඒ සඳහා ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කළේ නැහැ.

විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඉංජිනේරු එම්. ආර්. රණතුංග මහතා,

අපේ වෘත්තීය සමිති, සීමිත විදුලි බලාගාර ප‍්‍රමාණයක් රැුකගන්න උත්සාහ කරනු හැර අලූතින් සම්පත් අත්පත් කරගන්න පොරකන්නේ නැහැ.

කෙරවලපිටිය එල්.එන්.ජී. විදුලි බලාගාරයත් ඉදිරියේ විදුලිබල මණ්ඩලයට හිමිවෙනවා.

මෙතැන පවතින්නේ මෙය විකිණූ ආකාරයට වඩා රට ගැන ප‍්‍රශ්නයකි. මෙය චීනය, රුසියාව වැනි රටක සමාගමකට විකිණුවා නම් ගැටලූවක් නැහැ. ඇමෙරිකාව කියූ විට බොහෝ දෙනා තුළ වැරදි මතයක් පවතිනවා.

අනෙක මේ වෘත්තීය සමිති විරුද්ධ වන්නේ අපේම විදුලි ඉංජිනේරුවෙක් විසින් ආරම්භ කළ සමාගමකට එරෙහිවයි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment