දේශපාලන ප්‍රභූන්ගේ ඇම්බියුලන්ස්වලින් GMOA ඉවත් වෙයි

155

ප්‍රභූ සෞඛ්‍ය ආරක්ෂක කටයුතු සඳහා සැලසුම් කෙරෙන ජංගම ගිලන් රථ සේවාවලින් අද (01දා) සිට ඉවත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

රට තුළ වෛද්‍යවරුන් රඳවා ගැනීමට පසුබිම සකස් කරන ලෙස ඉල්ලා සිය සංගමය විසින් රජයට ඉදිරිපත් කර ඇති යෝජනාවලට මෙතෙක් සාධනීය පිළිතුරු නොලැබීම නිසා එයට එරෙහිව මෙම තීරණය ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (31 දා) පැවසීය.

දේශපාලනඥයන්ගේ සෞඛ්‍ය ආරක්ෂක වෛද්‍ය කටයුතුවලින් ඉවත්වීමට අමතරව දේශපාලකයන් සංවිධානය කරන ජංගම සේවා සෞඛ්‍ය සායනවලින්ද ඉදිරියේදී සිය සංගමය ඉවත් වන බවත් ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කරමින් ඉදිරි වෘත්තීය පියවර ගන්නා බවත් හෙතෙම පැවසීය.

සෞඛ්‍ය පද්ධතියෙන් වෛද්‍යවරුන් ඉවත්වීමෙන් අවසානයේ සිදුවිය හැකි ප්‍රතිවිපාකවල වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය භාරගත යුතු බව ද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment