ලබන වසරේ සිට විභාග හරිම වෙලාවට – ඇමැති සුසිල් කියයි

45

කොවිඩ් සහ රටේ පැවැති නොසන්සුන්කාරී තත්ත්වයක් හමුවේ කල් ගිය පාසල් සිසුන්ගේ විභාග ලබන වසරේ දී (2025) සිට නියමිත කාල සීමාවට පැවැත්වීමට අදාළ ක්‍රමවේදය සකසා ඇතැයි අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24 දා) පැවසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. එමෙන්ම මේ වන විට පැවැත්වෙන උසස් පෙළ විභාගය පෙබරවාරි පළමු වැනිදා අවසන් වන බවත් එම උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මේ වනවිට සකස් කරගෙන යන බවත් ඇමැතිවරයා පැවසීය.

මෙවර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර සමීක්ෂණය කරන ගුරුවරුන්ට හා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට පසුගිය වසරේදී ලබා දුන් දීමනා ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බවත් එම කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවත් වැඩිදුරටත් හෙතෙම සඳහන් කළේය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment