2024 ගෝලීය මැතිවරණ වසරක්: ලොව පුරා ප්‍රධාන පෙළේ ඡන්ද 40ක්

98

ලැබුවා වූ 2024 නව වසර ගෝලීය මැතිවරණ වසරක් ලෙස හඳුන්වා දී ඇති විදෙස් මාධ්‍ය මෙම වසරේ ලොව පුරා ප්‍රධාන පෙළේ මැතිවරණ 40 කට අධික සංඛ්‍යාවක් පැවැත්වීමට නියමිතව ඇති බව සඳහන් කර තිබේ.

මෙසේ මැතිවරණ පැවැත්වෙන රටවල් අතර ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වන ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව හා ඉන්දුනීසියාව වන අතර එම මැතිවරණවලදී ජන්දය ප්‍රකාශ කිරීමට නියමිත ජන්ද දායකයන්ගේ සංඛ්‍යාව බිලියන 4කට අධික බව වාර්තා වේ. මේ අනුව ලොව පුරා ජනගහනයෙන් හරි අඩක් පමණ මෙම වසරේ මැතිවරණවලදී ජන්දය භාවිත කිරීමට නියමිතය.

මෙම වසරේ පැවැත්වෙන ප්‍රථම ප්‍රධාන පෙළේ මැතිවරණය වන්නේ ජනවාරි 13 වැනිදා තායිවානයේ පැවැත්වෙන ජනාධිපතිවරණය වන අතර එක්සත් රාජධානිය, දකුණු අප්‍රිකාව, රුසියාව, පාකිස්තානය හා බංග්ලාදේශය යන රටවලද මැතිවරණ පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය මෙම අගදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ද මෙම වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment