ඩෑන් ප්‍රියසාද්ගේ සොහොයුරා කපා කොටා මරා දමති

900

නව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතාගේ සොහොයුරා සාහසිකයන් දෙදෙනකු විසින් පෙරේදා (25 දා)රාත්‍රි වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලදී කපා කොටා ඝාතනය කර ඇත. ඩෑන් ප්‍රියසාද්ගේ සොහොයුරා වැල්ලම්පිටිය ගුවන් පාලම යට සිටියදී, වෑන් රථයකින් පැමිණ ඇති මුහුණ ආවරණය වන ලෙස හෙල්මට් පැළැඳි සාහසිකයන් දෙදෙනකු ඔහුට තියුණු ආයුධවලින් පහර දී කපා කොටා බරපතළ තුවාල කර පලාගොස් තිබේ.

තුවාල ලැබූ ඩැන් ප්‍රියසාද්ගේ සොහොයුරා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ වැල්ලම්පිටිය මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පතිරණගේ ප්‍රකාශ් තිළිණ කුමාර නමැති අයෙකි.

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනීමැරීමට තැත් කිරීම් අතුළු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයාට එරෙහිව චෝදනා එල්ලවී තිබෙන බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ අයගේ හිසට, වම් අතට සහ පාදවලට දැඩි ලෙස කැපුම් තුවාල සිදුවී ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මෙම ඝාතනයට හේතුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

ඝාතනය සිදු කළ අපරාධකරුවන් වෑන් රථයෙන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලම්පිටිය පොලිසිය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික නිලන්ත මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පරීක්‍ෂණ පැවැත්වේ.

හේමන්ත රන්දුණු, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ප්‍රභාත් විතාන, යූ.කේ.අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment