යේමන් යුද්ධයෙන් ළමයි 3455 ක් මරුට: 6600 කට තුවාල

135

යේමනයේ සිවිල් යුද්ධය නිසා ළමුන් 10000 ක් මරුමුවට පත් වී හෝ තුවාල ලබා ඇතැයි යුනිසෙප් සංවිධානය කියා සිටී.

 යුනිසෙට් ප‍්‍රකාශක ජේම්ස් එල්ඩර් පා වපුවේ සෑම දිනකම ළමුන් සිව් දෙනෙක් මිය යන බවයි. එක්සත් ජාතින්ගේ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව ළමුන් 3455 ක් මියගොස් ඇති අතර 6600 ක් තුවාල ලබා ඇත. එසේම යේමනයේ සෑම ළමුන් පස් දෙනෙකුගෙන් සිව් දෙනෙකුට මානුෂික ආධාර අවශ්‍ය බවද ඔහු සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment