කෑමට දුන් ඌරු මස්වල තෙල් කෑලි වැඩියි කියලා – දියණියට පහරදුන් කටානේ බීමත් පියා පුතාගේ පිහි පහරින් මරුට

792

සැකකාර පුතා පොලිසියට භාර වෙයි

තමාට දිවා ආහාරය සඳහා ලබාදුන් බත්පතේ (බත් පිඟානේ) ඌරු මස්වල තෙල් කෑලි වැඩි යැයි කියා තම දෙටු දියණියට අමානුෂික ලෙස පහරදුන් බව කියන බීමත් පියාගෙන් නැඟණිය ගලවා ගැනීම සඳහා පියාට පිහි පහරක් එල්ල කොට ඔහු ඝාතනය කළ බව කියන 22 හැවිරිදි පුතා කොච්චිකඬේ පොලිසියට භාර වූ බව කොච්චිකඬේ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ශී‍්‍රනික ජයකොඩි මහතා 13 දා පැවසීය.

කෑමට දුන් ඌරු මස්වල තෙල් කෑලි වැඩියි කියලා - දියණියට පහරදුන් කටානේ බීමත් පියා පුතාගේ පිහි පහරින් මරුට

මෙම සිද්ධියෙන් 13 දා දහවල් මරණයට පත්ව ඇත්තේ බටහිර කටාන ගම් සභා හන්දිය ගැමුණු මාවතේ පදිංචිව සිටි තිදරු පියකු ව සිටි ඩබ්ලිව්. කැළුම් (44) නමැත්තෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව මියගිය කැළුම් නමැත්තා නළ ළිං කාර්මිකයකු වන අතර ඔහු මසට විකිණීම සඳහා සතුන් හැදීම ද සිදු කරයි. මොහු මත්පැන් පානයෙන් පසුව පවුලේ සාමාජිකයන්ට මෙන්ම අසල්වාසීන් සමග ද ප‍්‍රචණ්ඩකාරීව හැසිරෙන අයකු බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත. මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරු වන මියගිය අයගේ පුතා 22 හැවිරිදි වියෙහි පසු වන තරුණයකු වන අතර ඔහු පෞද්ගලික ආයතනයක සේවය කරයි.

මෙම සිද්ධිය වූ දින (13 දා) සැකකාර පුතා දවල් බතට සෑදීම සඳහා නිවසට ඌරු මස් ගෙනැවිත් ඇත. මියගිය අයවන පියා බීමතින් දහවල් කෑම දියණියගෙන් ඉල්ලා ඇත. ඒ අනුව බත සහ ඌරු මස් වෑංජනය පියාට ලබාදී ඇත.

එහිදී ඌරු මස් වෑංජනයේ ඇති තෙල් කෑලි වැඩි බව පැවසූ මියගිය පියා 19 හැවිරිදි සිය දෙටු දියණියට දරුණු ලෙස පහරදී පසුව දියණියගේ ගෙල කකුලෙන් පාගා යළි පහරදී ඇත. එහිදී ඉතා අසරණ තත්ත්වයට පත් නැඟණිය පියාගෙන් තමා ගලවා ගන්නා ලෙසට අයියාට ආයාචනා කර ඇත. එහිදී නැඟණියි බේරා ගැනීම සඳහා අයියා තම පියාගේ පිටට පිහි පහරක් එලල් කර ඇත. අධික ලෙස රුධිරය ගලා යෑමෙන් පියා ගේ තුළදීම මරණයට පත්ව ඇතැයි පැවසේ. මෙහි මරණ පරීක්ෂණයට සිද්ධිය වූ ස්ථානයට පැමිණි මීගමුව වැඩබලන මහෙස්ත‍්‍රාත් නෙල්සන් කුමාරනායක මහතා විසින් මරණකරුගේ මරණ පරීක්ෂණය සිදු කර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මියගිය අයගේ සිරුර ඥාතීන්ට භාරදීම වැඩබලන මහෙස්ත‍්‍රාත් නෙල්සන් කුමාරනායක මහතා විසින් මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළේය.

මෙහි විමර්ශන කටයුතු මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා සහ පොලිස් අධිකාරි නාලක සේනානායක යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත කොච්චිකඬේ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ශී‍්‍රනික ජයකොඩි, පොලිස් පරීක්ෂක දක්ෂිණ යන මහත්වරු විසින් විමර්ශන කටයුතු සිදු කළහ.

මීගමුව සමූහ – විමල් කීර්ති
 

advertistmentadvertistment
advertistmentadvertistment