පකිස්ථානය ද චීන ණය අර්බුදයක

288

පකිස්ථානයේ වත්මන් දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වය මත එරට විදේශ ණය 2022 වසරේ දෙසැම්බර් වන විට ඩොලර් බිලියන 126 දක්වා ළඟා වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා ආර්ථිකයේ සමතුලිතතාවයක් ඇති කළ යුතු බව විශ්ලේශකයෝ පවසති.පකිස්ථානව වැඩිම විදේශ ණය ලබාගෙන ඇත්තේ චීනයෙනි.එබැවින් චීනය සමග එක්ව ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කළ යුතු බවද පවසයි.පවතින ආර්ථික අර්බුදය හමුවේ

පකිස්ථානයට වැඩිම මුදලක් වැය වන්නේ ඉන්ධන ආනයනය සඳහාය.අපනයන ලාභයේ පහත වැටීම සහ සේවක ප්‍රේෂණ ලැබීම් අඩුවීම් මත ආර්ථිකය සම බර කරගැනීමට අපහසුවී ඇත.දුර්වල ආර්ථික කළමනාකරණය, දූෂණය, අධික ආරක්ෂක වියදම් ඉහළ යාම මේ සඳහා බලපා ඇත.එබැවින් පකිස්ථානය ණය කළමනාකරණය කිරීමේදී බහුපාර්ශ්වික ණය, පැරිස් ක්ලබ් රටවලට හිඟ ද්විපාර්ශ්වික ණය, පුද්ගලික සහ වානිජ ණය හා චීනයෙන් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත කළයුතුව ඇතැයි ද සඳහන් කරයි.සැලකිය යුතු ලෙස පකිස්ථානයේ ද්විපාර්ශ්වික ණය සේවා වලින් සියයට 80 කට වඩා ඇත්තේ චීනය සමගය.

advertistmentadvertistment
advertistmentadvertistment