SAMSUNG සිය ශිෂ්‍ය නියෝජිත වැඩසටහන තුළින් ශ‍්‍රී ලාංකික තරුණ ප‍්‍රජාව අනාගතය කරා රැගෙන යාමට පෙරමුණ ගනී

142

ශ්‍රී ලංකාවේ වඩාත් ආදරණීය ඉලෙක්ට්‍රොනික වෙළෙඳ නාමය වන සැම්සුන් හි තවත් උපායමාර්ගික ආයතනික සමාජ වගකීමේ වැඩසටහනක් වන ‘සැම්සුන් ශිෂ්‍ය නියෝජිත වැඩසටහන’ මෑතකදී දියත් කෙරිණි.

රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල දක්ෂ සිසුන් සඳහා සැලසුම් කර ඇති මෙම වැඩසටහන මඟින් දැනුම හා කුසලතා මූලික කරගත් අවස්ථා සහ වෙනත් ප‍්‍රතිලාභ රාශියක් ලබා දීමට අරමුණු කරයි. තවද, Artificial Intelligence (AI), the Internet of Things (IOT), VR/AR (Virtual Reality/Augmented Reality) ඇතුළු වෙනත් නව තාක්ෂණය පිළිබඳ මෙරට අනාගතය හැඩ ගැස්වීමේ ශක්තිමත් වේදිකාවක් ලෙස මෙම වැඩසටහන පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනු ඇත.

SAMSUNG සිය ශිෂ්‍ය නියෝජිත වැඩසටහන තුළින් ශ‍්‍රී ලාංකික තරුණ ප‍්‍රජාව අනාගතය කරා රැගෙන යාමට පෙරමුණ ගනී

”ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් තම සිහින සැබෑ කර ගැනීමට සහ යහපත් අනාගතයක් උදාකර ගැනීමට නිරන්තරයෙන් උත්සාහ කරනවා. ඒ සම්බන්ධයෙන් සැම්සුන් ආයතනය ඔවුන්ව තව තවත් සවිබල ගැන්වීම සහ දිරිමත් කිරීම තම යුතුකමක් මෙන්ම වගකීමක් ලෙස සලකනු ලබනවා. එවැනි උනන්දුවක් හා කැපවීමක් සහිත දරුවන් සඳහා මෙවැනි වැඩසටහනක් පැවැත්වීමේ අපගේ අරමුණ වන්නේ රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල තරුණ තරුණියන් අතරට ගොස් අනාගත ලෝකයට පිවිසීමට ඔවුන්ට ශක්තියක් වෙමින් සමාජයට යහපත් වෙනසක් ඇති කිරීම සහ සමාජයේ යහපැවැත්ම සඳහා දායක වීමයි. විශ්වවිද්‍යාල සිසුන් අතර මිත‍්‍රශීලී සහ වෘත්තීයමය සබඳතාවක් ඇති කර ගැනීම මගින් බහු කුසලතා ඇති ශ‍්‍රී ලාංකික තරුණ තරුණියන් සහ සැම්සුන් අතර අඛණ්ඩව සෘජු සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම මෙම ශිෂ්‍ය නියෝජිත වැඩසටහනේ තවත් මුඛ්‍ය පරමාර්ථයක් ලෙස හඳුන්වා දිය හැකියි’ යනුවෙන් සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ, කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේය

advertistmentadvertistment
advertistmentadvertistment