මත් ද්‍රව්‍ය සමග 10ක් අත්අඩංගුවට

148


මහනුවර බෝගම්බර ප්‍රදේශයේ සිදුකළ විශේෂ මත්ද්‍රව්‍ය වැටලීමකදී කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර පොලීසිය සහ නිල සුනඛ අංශයේ නිලධාරීන් ඒකාබද්ධව එම ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පැවසුවේය.

එහිදී සැකකරුවන් 06 දෙනෙකු සහ සැකකාරියන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 39යි මිලිග්‍රෑම් 265ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරුවන් අවුරුදු 26ත් 52ත් අතර වයස්වල පසුවන හීරැස්සගල සුදුහුම්පොළ මහයියාවල මහනුවර සහ දිගන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාරියන් අවුරුදු 24ත් 49ත් අතර වයස්වල පසුවන කටුගස්තොට සහ රෝහල් පටුමග ප්‍රදේශවල පදිංචිකාරිනියන් බව වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment