Hayleys Solar විශ්වාසය සමගින් අඩුම පිරිවැයකින් විදුලි අවශ්‍යතාව සපුරගන්න

510

Hayleys Fentons ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ හසිත් ප්‍රේමතිලක

පුනර්ජනනීය බලශක්තිය සමග ලෝකය වේගවත් ගමනකය. මෙරට තුළද එය වඩාත් වේගයෙන් ප්‍රවර්ධනය කළ යුතු වටපිටාවක් නිර්මාණය වෙමින් ඇත. අසල්වැසි ඉන්දියාව තුළ වාර්ෂික විදුලි පරිභෝජනයෙන් මෙගා වොට් 70,000ක ප්‍රමාණයක් නිපදවනු ලබන්නේ සූර්ය බලශක්තිය උපයෝගී කරගනිමින්ය. එවැනි ගෝලීය වටපිටාවක් තුළ මෙරට එම ක්ෂේත්‍රයෙහි ඉහළ වර්ධනයක් පිණිස පෙරටුගාමී මෙහෙවරක් ඉටු කරන ආයතනයක් ලෙස Hayleys Fentons ආයතනය හඳුන්වා දිය හැක.

පහත පළ වන්නේ සූර්ය බල ශක්තිය තුළින් රට ආලෝකමත් කිරීම පිණිස දීප්තිමත් අපේක්ෂාවන් දල්වා සිටින Hayleys Fentons ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ හසිත් ප්‍රේමතිලක මහතා සමඟ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ඒ පිළිබඳව සිදුකළ කතාබහකි.

ප්‍රශ්නය – Hayleys Fentons ආයතනය පිළිබඳ යම් හැඳින්වීමක් සහිතව මේ කතාබහ ආරම්භ කරනව නම්,

පිළිතුර – ඔව්… Fentons ආයතනය පිළිබඳව මූලික හැඳින්වීමක් සිදු කරමින් තමයි Hayleys Fentons කියන සන්නාමය පිළිබඳව කතා කරන්න වෙන්නෙ. එම නිසා Fentons කියන ආයතනය පිළිබඳව පළමුව යම් හැඳින්වීමක් කරන්න සිද්ධ වෙනව. මේ ආයතනය ගත්තොත් එය වසර 103 ක දිගු ඉතිහාසයක් සහිත හේලීස් සමූහයට අයත් ආයතනයක්. Fentons සමාගම හේලීස් සමාගම සමග සම්බන්ධ වීමෙන් අනතුරුව Hayleys Fentons යන සන්නාමයෙන් නැවුම් මුහුණුවරකින් රට තුළ ස්ථාපනය වෙන්න ගත්තේ. ඒත් සමගම මේ ආයතනය පිළිබඳ දැවැන්ත පාරිභෝගික විශ්වාසයක් ඇති වෙන්න ගන්නව. ඒක ලොකු ජයග්‍රහණයක් වශයෙන් හඳුන්වන්නත් පුළුවන්. ඒ විශ්වාසය වඩාත් ශක්තිමත් කිරීම පිණිස Hayleys කළමනාකාරිත්වය යටතේ විශේෂයෙන්ම මූල්‍ය පහසුකම් ඒ වගේම නව හඳුන්වාදීම්, ප්‍රවර්ධන කටයුතු මේ සෑම අංශයක් යටතේම විශාල දියුණුවක් අත්පත් කරගන්න Hayleys Fentons සමාගමට හැකියාව ලැබෙනවා.

ප්‍රශ්නය – නව හඳුන්වාදීම් පිළිබඳව කතා කරද්දී සූර්ය බලශක්තිය සහ ඉංජිනේරු සේවා සැපයීම යන අංශ දෙක යටතේ ඔබ ආයතනය මෙරට ප්‍රමුඛයා බවට පත් වන්නේ කෙසේද?

පිළිතුර -Solar එහෙමත් නැත්නම් සූර්ය බලශක්ති පද්ධතියක් කෙනෙකුට අවශ්‍ය නම් ගෘහයක් වේවා ව්‍යාපාරික ස්ථානයක් වේවා එහෙමත් නැත්නම් කර්මාන්තශාලාවක් වේවා මේ කියන ඕනෑම තැනකට සුදුසු සෝලා පද්ධතියක් අවශ්‍ය නම් එය සැලසුම් කරල ඒ ඒ ස්ථානවල ස්ථාපිත කරන්න පුළුවන් ඉහළ හැකියාවක් සහිත අංක එකේ ආයතනය බවට ඉහළ පාරිභෝගික විශ්වාසයක් දිනා ගන්න අපට පුළුවන්කම ලැබිල තිබෙනව. ගෘහස්ථ වශයෙන් ගත්විට අපේ සහෝදර සමාගමක් වන සිංගර් ආයතනය සමග එක්ව ඒ කටයුත්ත අපි විසින් සිදුකරගෙන යනව. යම් පුද්ගලයෙක් සෝලා පද්ධතියක් පිණිස මුදල් ආයෝජනය කරන්නේ අඩුම තරමින් වසර විසිපහකවත් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන්. එහෙම නම් ඒ සේවාව වසර 25ක පැවැත්මක් තිබෙන ආයතනයකින් ලබා ගන්න සිදු වෙනව. Hayleys Fentons කියන්නෙත් ඒ වගේම Singer කියන්නෙත් මේ රටේ සියවසකට අධික ඉතිහාසයක් සහිත ආයතන දෙකක්. අන්න ඒ දිගු ඉතිහාසය පිළිබඳ පවතින විශ්වාසය මත තමයි පාරිභෝගික ප්‍රජාව අප වටා පෙළ ගැසෙන්නේ. 2018 වර්ෂයේ සිට මේ දක්වාම ඒ ස්ථාවරය රැක ගන්න අපට පුළුවන්කම ලැබිලා තිබෙනව. වාර්ෂිකව ලංකාවට සෝලා පැනල් අනයනය කරන ආයතන ගත්තොත් ඒ නාමාවලියේ මුලින්ම ඉන්නේ අපි. ඒ වගේම ඉංජිනේරු සේවා සැපයීම යන අංශ පැත්තෙන් ගත් විටත් අංක එකට පත් වෙන්න අපට පුළුවන්කම ලැබිලා තිබෙනව. ඒ පිළිබඳව තවත් සරලව සඳහන් කරනව නම් පුංචි උදාහරණයක් ලෙස ලොකු ගොඩනැගිල්ලක් ගමු. මේ ගොඩනැගිල්ල දෙස පිටස්තරව සිට බලද්දි අපට පෙනෙන්නේ ඒ ඉදිකිරීමේ පවතින මතුපිට අලංකාරය පමණයි. නමුත් ඒ ගොඩනැඟිල්ලේ බිත්ති අතරෙ මිනිස් ශරීරය, නහර පද්ධතිය වගේ නොපෙනෙන එහෙත් ඉතාමත් වැදගත් ජාල පද්ධතියක් පවතිනව. විදුලිය, ජලය, වායු සමීකරණ, දුරකථන, ආරක්ෂිත කැමරා, ගිනි නිවීමේ උපකරණ, අන්තර්ජාල පහසුකම් ලබාදෙන විවිධ මෙවලම් ඇතුළු තවත් බොහෝ දේ මෙන්න මේ පද්ධතියට ඇතුළත් වෙනව. ඒ දේවල් වඩාත් ආරක්ෂාකාරී නැත්නම් කල් පැවැත්මෙන් අඩු නම් එතන ලොකු අවදානමක් පවතිනව. ඉතාමත් හොඳින් කරන ලද ඉදි කිරීමක් වුවත් පුංචි විදුලි කාන්දුවකින් එය විනාශයට පත් වෙන්න පුළුවන්. එම නිසා අපේ රට ගත් විට ඕනෑම ඉදිකිරීමක් ඇතුලෙ මා විසින් ඉහත සඳහන් කළ සේවාවන් සහ පහසුකම් ඉතාමත් ඉහළින් ලබා දෙන්න පුළුවන් අංක එකේ ආයතනය බවට පත්වෙන්නේ Hayleys Fentons කියල විශ්වාසයෙන් සඳහන් කරන්න පුළුවන්. ලංකාවේ දැවැන්ත ව්‍යාපාර ආයතන සියල්ලකටම පාහේ ඒ සේවාව ලබා දීලා තිබෙන්නේ අපි විසින්.

ප්‍රශ්නය – ඔබ ආයතනය විසින් පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය පිණිස හඳුන්වා දී ඇති නව නිෂ්පාදන මොනවද?

පිළිතුර – ලංකාව සම්බන්ධයෙන් කතා කරන විට සූර්ය බලශක්තිය අලෙවි කරන ලොකු කුඩා ආයතන හාරසියයකට අධික ප්‍රමාණයක් දැනට ක්‍රියාත්මක තලයේ පවතිනව. නමුත් මේ වන විට රට ඇතුළේ සූර්ය බලශක්තියෙන් නිෂ්පාදනය කරනු ලබන විදුලිය තිබෙන්නේ මෙගවොට් 650යි. මේ ප්‍රමාණයෙන් මෙගවොට් 125ක් අපි විසින් ලබා දීලා තිබෙනව. අනිකුත් ආයතනවලට මේ කිට්ටුවටවත් එන්න තවමත් පුළුවන්කමක් ලැබිලා නැහැ. එමනිසා ක්ෂේත්‍රය තුළ අංක එකට පත් ආයතනය ලෙස ඒ ජයග්‍රහණය සමරන්න සියයට 25ක විශේෂ වට්ටමක් යටතේ සූර්ය තාප පද්ධති පාරිභෝගිකයන් වෙත ලබා දීමටත් ඒත් සමගම battery backup සිස්ටම් එකක් නොමිලේ ලබා දීමටත් අපි විසින් දැනට කටයුතු කරමින් ඉන්නව. ඊට අමතරව අපි විසින් හඳුන්වා දීලා තිබෙනව සූර්යතාපය ගබඩාකොට තැනින් තැනට ගෙන යා හැකි portable unit එකක්. සමාජයේ ඕනෑම තරාතිරමක කෙනෙකුට මේක ගැලපෙනව. ඒ වගේම මූල්‍යමය වශයෙන් අඩු මුදලක් වැය කොට මෙය මිලදී ගන්නත් පුළුවන්.

රැහැන්ගත විදුලිය පවතින වෙලාවක මේ බැටරිය ආරෝපනය කර ගැනීමෙන් අනතුරුව විදුලිය විසන්ධි වූ පසු එය ක්‍රියාත්මක කරන්න පුළුවන්. එම කටයුතු ඒ ආකාරයෙන් කරගෙන යද්දී මේ ක්ෂේත්‍රයේ කටයුතු කරන අනිකුත් ලොකු කුඩා සමාගම් සමග ඒකාබද්ධ වෙමින් සූර්ය බලශක්තිය ජනතාව අතර තව තවත් ප්‍රචලිත කිරීම පිණිස අවශ්‍ය කරන යටිතල පහසුකම් පුළුල් කිරීම පිණිසත් අපි දැනට කටයුතු කරමින් ඉන්නව.

ප්‍රශ්නය – පාරිභෝගික ජනතාවට වඩාත් ලාභදායී සහ විශ්වාසවන්ත සේවාවක් ලබා ගැනීම සඳහා Hayleys Fentons සමග සම්බන්ධ වීමට ලබාදී තිබෙන පහසුකම් මොනවද?

පිළිතුර – කෙටියෙන්ම සඳහන් කරනව නම් අපගේ සේවාවන් ලබා ගැනීම පිණිස දුරකථන ඇමතුමක් වුවත් ප්‍රමාණවත්. අපගේ පාරිභෝගික අංකය වන 112-102102 සතියේ දින හතම විවෘතයි. එතැන් සිට ගුණාත්මක බවින් උසස් සෝලා පද්ධතියක් අවශ්‍ය ස්ථානයේ ස්ථාපිත කිරීම දක්වා වූ සියලු කටයුතු අපි විසින් ඉටු කරලා දෙනව. ඊට අමතරව ලංකාව පුරා පිහිටි සිංගර් ආයතන මගින් ඒ පහසුකම් ලබාගන්නත් ඕනෑම කෙනෙකුට අවස්ථාව තිබෙනව. සියලු ලියකියවිලි සම්පූර්ණ කළ පසු දින කිහිපයක් ඇතුළත ඒ ඒ අයට අවශ්‍ය ආකාරයෙන් අපේ සේවාව ලබාගන්න පුළුවන්. ඊට අමතරව පසු සේවාවන් පැය 24 පුරාම ක්‍රියාත්මක වෙනව.

ප්‍රශ්නය – රට තුළ විදුලි අර්බුදයක් පවතින වටපිටාවක Hayleys Solar පද්ධතියක් මිලදී ගැනීම වඩාත් ප්‍රයෝජනවත් වන්නේ මොන වගේ කාරණා මතද?

පිළිතුර – එතනදි වැදගත් වන කාරණාවන් දෙකක් තිබෙනව. එකක් තමයි තමන්ගේ විදුලි බිල මේ හරහා ශුන්‍ය කරගැනීමට පුළුවන් වීම. ඊට අමතරව තම තමන්ගේ ඉඩකඩ ඇතුලේ විදුලිය ජනනය කරල අතිරික්ත ඒකක ගණන විදුලිබල මණ්ඩලයට අලෙවි කරන්න පුළුවන්කම ලැබෙනව. වසර විසිපහක් තිස්සේ දී ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. දෙවෙනි කාරණය තමයි විදුලියෙන් ස්වයංපෝෂිත වීම. රැහැන් ගත විදුලියේ පිහිට පැතීමෙන් තොරව තමන් විසින්ම විදුලිය නිෂ්පාදනය කරල පරිභෝජනය කරන්නත් මේ හරහා අවස්ථාව ලැබෙනව. ලෝකයේ වෙනත් රටවල මේ සඳහා සහනාධාර පවා ලබා දෙනව. අපේ රටෙත් සූර්ය විදුලි බලය තව තවත් ව්‍යාප්ත කිරීම පිණිස රජය යම් මැදිහත් වීමක් සිදු කරනවා නම් එය සාධනීය තත්ත්වයක් බවටම පත්වෙනව.

ප්‍රශ්නය – හොඳයි… පාරිභෝගික ප්‍රජාව Hayley Solar පමණක්ම තෝරා ගත යුත්තේ ඇයි?

පිළිතුර – මා කලින් සඳහන් කළ පරිදි ආයතනයක් වශයෙන් අප කෙරෙහි පවතින විශ්වාසය සහ වගකීම එහිදී ඉතාමත්ම වැදගත් වෙනව. ක්ෂේත්‍රයේ අනිකුත් ආයතන සමඟ ගත් විට අපි ස්ථානගතව ඉන්නෙ වඩාත් ශක්තිමත් තැනක. ඒ වගේම මේ වෙළෙඳපොළ දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් ඉතා විශාලයි. එතැන ලොකු තරගකාරීත්වයක් පවතිනව. ඒ තරගකාරිත්වය තිබිය යුතුයි. මොකද එතකොට තමයි පාරිභෝගිකයාට හොඳ තෝරා ගැනීමකට යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම එවැනි තත්ත්වයක් තුළ පාරිභෝගික ප්‍රජාව දිනාගැනීම පිණිස වෙළෙඳපොළ තරගයකුත් ඉබේම වගේ නිර්මාණය වෙනව. අන්න එතනදී අපේ පාරිභෝගික ජනතාවට සරිලන මිලක් යටතේ තත්ත්වයෙන් වඩාත් හොඳ සේවයක් සහ පහසුකම් අපි විසින් ලබා දෙනව. ආයතනයක් වශයෙන් ඉහළ කීර්තිනාමයක් දිනා ගන්න අපට පුළුවන්කම ලැබෙන්නෙ එම නිසා. එ හරහා ඇතිකරගත් විශ්වාසවන්ත බවත් එක්ක තමයි අපි ඒ ඉල්ලීම කරන්නේ.

ප්‍රශ්නය – අවසන් වශයෙන් සූර්ය බලශක්තිය පිළිබඳ විශ්වාසයෙන් පසු වන පාරිභෝගික ජනතාවට ලබා දිය හැකි පණිවිඩයක් තිබෙනවද?

පිළිතුර – ඔව්… අප කෙරෙහි තව තවත් විශ්වාසය තබන්න කියල පාරිභෝගික ජනතාවගෙන් මේ වෙලාවේ ඉල්ලා සිටිනව. රට ඇතුළෙ විදුලිය අර්බුදයක් පවතින වෙලාවක ඊට විකල්පයක් ලෙස Hayleys Solar පාවිච්චි කරන්න පුළුවන්. විවිධ මිලදී ගැනීම් ක්‍රමවේද යටතේ ගනුදෙනු කිරීමේ පහසුවත් ඒ වගේම විශ්වාසවන්ත සේවයත් ඉදිරියටත් ලබාදීමට අපි විසින් නිරන්තරයෙන්ම කටයුතු කරමින් ඉන්න බවත් මේ වෙලාවේ මතක් කර සිටිනව.

සාකච්ඡා කළේ
රුවන් ජයවර්ධන
ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment