සිරිල් ගාමිණි පියතුමා අදත් සී.අයි.ඩී එයි

92

විශේෂ ප්‍රකාශයක් ලබාදීම සඳහා සිරිල් ගාමිණි පියතුමා අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
පාස්කු ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදින්ට මෙරට බුද්ධි අංශ අනුග්‍රහය දක්වා ඇතැයි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධව බුද්ධි අංශ ප‍්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය පැවැත්වේ. ඒ අනුව ඊයේ මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණි සිරිල් ගාමිණි පියතුමාගෙන් පැය 8කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගනු ලැබීය.

තවදුරටත් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා පියතුමන්ව අද උදෑසනත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment