ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ශාන් විජයලාල් සජබට එක්වෙයි

70

අම්බලන්ගොඩ ආසන සංවිධායක ධුරයත් ගනී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා ශ්‍රීලනිපයෙන් ඉවත්වී ඊයේ (01 දා) සමගි ජන බලවේගය සමග එක්විය.

ඒ මහතා ඊයේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගයේ සාමාජිකත්වය මෙන්ම අම්බලන්ගොඩ ආසන සංවිධායක ධුරය ද ලබා ගත්තේය.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්ගොඩ ආසන සංවිධායක වූ අතර දකුණු පළාත් සභාවේ මහ ඇමැති ලෙස අඛණ්ඩව තුන් වරක් වසර පහළොවක පමණ කාලයක් කටයුතු කළේය.

නැඟෙනහිර පළාතේ ආණ්ඩුකාර ධුරය ද දැරූ ඒ මහතා පසුගිය මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්ව පාර්ලිමේන්තුවට තේරී පත්විය.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment