මධ්‍යම දමිළ පාසල් 05දා නිවාඩු

120

දිපාවලි උත්සවය නිමිත්තෙන් මධ්‍යම පලාතේ සියළුම දමිළ පාසල් ලබන 05 දා නිවාඩු දිනයක් ලෙස මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා ප‍්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව එම දිනය වෙනුවෙන් ලබන 13 දින අතිරේක පාසල් දිනයක් ලෙස සලකා කටයුතු කිරිමට මධ්‍යම පලාතේ සියළුම දමිල පාසල් වල විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට උපදෙස් ලබා දි ඇත.
හින්දු ජනතාවගේ ප‍්‍රධාන ආගමික උත්සවයක් ලෙස සලකන දිපවාලි උත්සවය 04 දිනට යෙදි ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment