බොරළුකන්ද රජමහා විහාරය ඉදිරිපිට හා අවට උද්ඝෝෂණ තහනම්

76

පුද්ගලයින් 8දෙනෙකුට එරෙහිව උසාවි නියෝගයක්

නිලාවැලි, ඉලු‍ප්පුකුලම, බොරළුකන්ද රජමහා විහාරය ඉදිරිපිට හා ඒ අවට උද්ඝෝෂණ විරෝධතා නොපවත්වන ලෙසට පුද්ගලයින් අට දෙනෙකුට එරෙහිව අධිකරණය ඊයේ (01) නියෝගයක් පනවා ඇත.

නිලාවෙලී පොලිස් ස්ථානාධිපති ගල්ලෙලු‍ගේ දොන් ප්‍රදීප් නිශාන්ත කුමාර විසින් කරනු ලැබූ ඉල්ලීම සලකා බලා මෙම නියෝගය නිකුත් කොට ඇත.

නිලාවෙලී පොලිස් වසමේ 6 කණුව බොරළුකන්ද විහාරස්ථාන භූමිය ඉදිරිපිට මාර්ගය හා ඒ අවට ප්‍රදේශයේ ද මෙම පොලිස් වසම තුළ 2023.10.01 දින හෝ ඊට ආසන්න දිනයකදී එක් රැස්වීමෙන් වැළකෙන ලෙසත් විරෝධතා උද්ඝෝෂණ නොපවත්වන ලෙසත් ඔබලා වෙත මෙයින් ආඥා කරනු ලැබේ. යන්න අධිකරණය නියෝගය වේ. එම පුද්ගලයින් මෙසේ ය.

දෙමළ ජාතික සංධාන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සංවිධායක සම්මුගම් කුගදාසන්, දෙමළ ජාතික සංධාන මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්‍ය වානක්‍යම්, දෙමළ ඊලාම් විමුක්ති සංවිධානය මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරන්, දෙමළ ජාතික ජනතා පෙරමුණ පක්ෂය තරුණ බළකායේ නායක ක්‍රිශ්ණ පිල්ලේ ශ්‍රී ප්‍රසාදා, දෙමළ සභාවේ නමැති මූල ධර්මවාදී සිවිල් සංවිධානයේ සභාපති ආර්.ජෙරොම් මාස්ටර්, දෙමළ සභාවේ නමැති මූලධර්මවාදී සිවිල් සංවිධානයේ ලේකම් රමෙෂ් නිකලස්, කුච්චවේලි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පොන්නයියා ලිංගම්, 6 කණුව ප්‍රදේශයේ නාගරත්නම් තිලකේෂ්වරම්.
කන්තලේ ඩබ්. එම්. වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment