මරණ තර්ජන සහ කප්පම් ඉල්ලීම් ගැන මා කළ පැමිණිළි අස්ථාන ගතවෙලා

179

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගැනත් විශ්වාසය පළුදු වෙලා
මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ

තමන් වහන්සේට සිදුකළ මරණීය තර්ජන සහ කප්පම් ඉල්ලීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ල අස්ථානගත වී ඇති බවත් ඒ පිටුපස විවිධ හස්තයන් ක්‍රියාත්මක වන බවත් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ පවසති.

තමන් වහන්සේ මීට මාස කිහිපයකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් පෙරේදා (31) දින එම දෙපාර්තමේන්තුවෙන් සිදුකරන ලද විමසීමක දී එම ලිපි ගොනු අස්ථානගත වී ඇති බවට සිවිල් සංවිධාන කිහිපයක් විසින් අනාවරණය කරගත්බව නායක හිමියෝ පැවසූහ.

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද දේශපාලනීකරණය වෙමින් දේශපාලනයට ගොදුරු වී ඇති බවත් එම හෙයින් මෙම දෙපාර්තමේන්තුව ද ජනාධිපති මන්දිරය අරලියගහ මන්දිරයේ හෝ පාර්ලිමේන්තුව තුළම ස්ථාපිත කළ යුතු බව ද නායක හිමියෝ කීහ. කෙසේ වෙතත් තමන් වහන්සේට සිදුව ඇති මරණ තර්ජන හා කප්පම් ඉල්ලීම් පිළිබඳව නැවත අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව තුළ පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවත් මේ වනවිට එම දෙපාර්තමේන්තුව පිළිබඳව ජනතා විශ්වාසය නැතිව ගොස් ඇති බවත් නායක හිමියන් පැවසූහ.
තිරප්පනේ සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment