යාපනයේ දූපත් තුනක දෙමුහුන් බලශක්ති ව්‍යාපෘතියට ගිවිසුම් ගතවෙයි

113

යාපනයේ දූපත් 3ක් වෙනුවෙන් විදුලි බලය සම්පාදනය කරන දෙමුහුම් බලශක්ති ව්‍යාපෘතියේ ඉදිකිරීම සඳහා ගිවිසුම්ගත වීම ඊයේ උදෑසන සිදු කරනු ලැබුණි.

ඉන්දීය රජයේ පූර්ණ මූල්‍ය ප්‍රදානයක් ලෙස ලැබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 10.995ක මුදලක් මගින් ඩෙල්ෆ්, එලුවතිව් සහ නාගදීපය දූපත්වල මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කෙරේ.

කිලෝ වොට් 530ක සුළං බලය, කිලෝ වොට් 1700ක සූර්ය බලය, කිලෝ වොට් පැය 2400ක බැටරි පද්ධතියක් සමග පුනර්ජනනීය බලය සහ විකල්ප කිලෝ වොට් 2500ක ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන මෙම දෙමුහුම් පද්ධතිය ඹීධඛ්ඍ සමාගම මගින් 2025 මාර්තු වන විට වැඩ අවසන් කිරීමට බලාපොරොත්තු වේ.

advertistmentadvertistment
advertistmentadvertistment