රාමසාන් සමයේ රටඉඳි බදු පහළට

100

රාමසාන් උත්සව සමය නිමිත්තෙන් ආනයනය කෙරෙන රටඉඳි සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පහත දැමීමට රජය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මේ අනුව ආනයනික රටඉඳි කිලෝග්‍රෑමයක් සඳහා දැනට පවතින රු.200ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා පහත හෙළීමට නියමිත බව ද මේ ගැන ඉදිරියේදී නිවේදනය කරන බව ද ඇමැතිවරයා කීය.

මේ සහනය ලබා ගැනීම සඳහා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවසරය හිමිවිය යුතු බව ද ඇමැති සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment