බාල ඖෂධ පැමිණිලිකරුට කෙහෙළියගේ ගෝලයෙක් උසාවිය කිට්ටුවදී මරණ තර්ජන කරලා

1986

ආන්දෝලනාත්මක බාල ඖෂධ ජාවාරම පිළිබඳව රහස් පොලිසියට පැමිණිලි කළ ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති ජාමුණි කාමන්ත තුෂාර මහතාට හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ආධාරකරුවකු බව කියන පුද්ගලයකු විසින් පසුගියදා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ආසන්නයේදී මරණ තර්ජන කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මරදාන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

කාමන්ත තුෂාර මහතා සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබේ.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර ස්නායු රෝගීන් සඳහා භාවිත කරනු ලබන ‘හියුමන් ඉමියුනොග්ලොබියුලින්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක ඖෂධ එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදාහැරීම සම්බන්ධයෙන් සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්ත්වයට පත් කිරීම මෙන්ම රුපියල් කෝටි ගණනාවක වංචාවක් සිදු කිරීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය’ ඇතුළු සිවිල් සංවිධාන එකමුතුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment