කොල්ලුපිටියේ අනතුරේ සිදුකළ රියැදුරු පැය තුනෙන් ඩුබායි පනී!

507

කොල්ලුපිටිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් අනතුරට ලක්කර එහි රියැදුරු මියයෑමේ සිද්ධියට සම්බන්ධ බෙන්ස් රථය පැදවූ 24 හැවිරිදි ව්‍යාපාරික තරුණයා අනතුරින් පැය කීපයකට පසු ඩුබායි රාජ්‍යයට පලාගොස් ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

අධික ලෙස බීමතින් බෙන්ස් වර්ගයේ රථයක් අධික වේගයෙන් ධාවනය කර කොල්ලුපිටිය ප්‍රදේශයේදී එය ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවිය. අනතුරින් ත්‍රිරෝද රථ රියැදුරු එම ස්ථානයේම මියගියේය.

බෙන්ස් රථයේ සිටි කාන්තාවකට රැස්ව සිටි පිරිස පහරදී ඇති බවද පොලිසිය පවසයි. අනතුරින් පසු ඩුබායි රාජ්‍යයට පලා ගිය සැකකරු මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment