ඩෙංගු රෝගීහු 34491ක්

201

ඩෙංගු රෝගීන් 34419 දෙනකු පසුගිය 28 වැනිදා දක්වා මෙම වසරේදී සොයා ගත් බවත් පසුගිය දින 28 දී රෝගීන් 10213 දෙනකු සොයා ගත් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවැසීය.

ඉහළම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් සොයා ගෙන ඇත.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවැසුවේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉහළ රෝගීන් සංඛ්‍යාව වාර්තා වූ බවය. බස්නාහිර පළාතේ දෙහිවල, හෝමාගම, කොලොන්නාව, මහරගම, කොළඹ මහ නගර සභාව, අත්තනගල්ල, බියගම, මීගමුව, කැලණිය, වත්තල, කළුතර, පානදුර, බේරුවල මධ්‍යම පළාතේ මාතලේ, උකුවෙල සහ මාතලේ මහ නගර සභාව, පාතදුම්බර, යටිනුවර, මහනුවර මහ නගර සභාව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබෙන බව ඩෙංගු මර්දන ඒකකය පැවැසීය.

උණ සහ වේදනා සමනය කර ගැනීමට පැරසිටමෝල් හැර වෙනත් කිසිදු වේදන නාශකයන් නොගන්නා ලෙසත් රෝග ලක්ෂණ ඇතිවූ වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බවත් අවධාරණය කෙරේ. ගැබිනි මව්වරුන්, වයස අවුරුදු 01ට අඩු දරුවන්, විවිධ සංකූලතා ඇති පුද්ගලයන් උණ රෝග ලක්ෂණ ඇතිවූ වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවත් කම්පන තත්ත්වයෙන් පසුව ප්‍රතිකාර සඳහා යොමුවන රෝගීන්ගේ ජීවිත පිළිබඳව අවදානමක් ඇති බවත් එම ඒකකය පෙන්වා දුන්නේය.

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කර තම නිවස පරිශ්‍රය අවට පිරිසිදුව තබා ගැනීමට උනන්දු වන ලෙස ද ඉල්ලීමක් කෙරේ.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment