ජ්‍යොතිෂයේ නැකත, නොනැකත අපි නොදන්න දේ

610

ජ්‍යොතිෂය ඉගෙන ගන්න කොට ඉතා වැදගත් පාඩමක් හා ප්‍රායෝගික වශයෙන් ගොඩක් ප්‍රයෝජනය ගන්න පුළුවන් කතිකාවතක් තමයි නැකත. මේ නැකත කියන්නෙ මොකද්ද කියල දැනගත්තට ඒකෙන් ප්‍රයෝජන ගන්න හැකි බව, ඒ කොහොමද කියල දන්නෙ නැහැ. ඒක නිසා නිශ්ඵල විදියට ප්‍රයෝජනය ලබනවා. ජ්‍යොතිෂයේ හැම විෂයකරුණක්ම හැදිල තිබෙන්නෙ මනුෂ්‍යයාගේ ප්‍රයෝජනයටමයි. හරියට ස්වභාව ධර්මයා

ගස්වැල් මවලා තිබෙනව වගේ. මේ ගස්වැල් මවලා තිබෙන්නෙ මනුෂ්‍යයාගේ ප්‍රයෝජනයට උනාට කෝ අපි කීදෙනෙක් ගෙන් කී දෙනාද ඉන් ප්‍රයෝජනය ගන්නෙ. ඒක නිසාම නේද රටේ අගනුවර, ලොකු ගොඩනැඟිලි තිබෙන ප්‍රදේශ කොන්ක්‍රීට් වනාන්තර වුණේ. සත්වයාට අත්‍යාවශ්‍යම ප්‍රමුඛස්ථානයට එන්නෙ වාතාශ්‍රය. ඒක ගස් ්කොලං වලින් මිසක් වෙන කිසිවෙකුගෙන් වත්, වෙන කිසි දෙයකින් වත් ලැබෙන්නෙ නැහැ. ඒක නැති උනොත් මිනිසා ජීවත්වන්නෙ තත්පර කීපයයි. ඒකවත් කල්පනා නොකර පිස්සො වගේ මේ ගස්වැල් කපලා කොච්චර ගොඩනැඟිලි හදනවද? තමුන්ට අයිති බිම් ප්‍රදේශයේ ගස්වැල් කපල ඊළගට රජයට අයිති කොටසේත් ගස්වැල් කපල විශාල මුදලක් අසාධාරණව උපයනවා. වැඩිපුරම මේවා කරන්නෙ රට කරවන අයයි. ඒ අයට සම්බන්ධ අයයි. මෙහෙම ගස්කොලං කපල නැතිකරන්නේ අන්සතු දේපළ. කොටින්ම කිව්වොත් ජීවිත හානි නොවේද? මේ ආකාරයට ගස්වැල් කපල ඉඩම් එළිපෙහෙලි කරල. රටේ කාන්තාර හදලා මුදල් ගැරුවම ඒකේ ජීවත්වූ සත්වයාට ඉන්න තැනක් නැතුව ගම්මාන වලට ඇවිල්ල මනුෂ්‍යයාගේ අස්වැන්න කාපුවාම උන්ව මරා දමනවා. ගසක් කපල තව එකක් සිටවන්නෙ

කීදෙනෙක්ගෙන් කීදෙනාද? මේ උතුම් මිනිහා කොච්චරවත් සත්තු වගේ හැසිරෙනවද? මේ ඔක්කොටම හේතුව මිනිහා නැකතට වැඩ නොකරන නිසා කියල වගකීමෙන් කියනවා.

නැකත කිව්වේ සුදුසු දේ සුදුසු වෙලාවට සුදුසු විදියට කිරීමයි. පුරාණ ජ්‍යොතිෂ්‍යයට අනුව නැකතක් ලබාගන්නෙ මේ රටේ සූර්යය උදාවට සාපේක්‍ෂාවයි. නමුත් මේ සූර්යය උදාවේ වෙනස ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වනවා. ජ්‍යොතිෂ ලිත් පොත්වල සඳහන් කර ඇති සූර්යය උදාව බලපවත්වන්නෙ ග්‍රිනිච් වේලාවට සාපේක්‍ෂව මන්නාරමේ මුහුදු තීරයට සැතපුම් කීපයක් දුරකින්. ඒක නිසා ඒක ගණනය කරල ඒ ඒ ප්‍රදේශයට සම්මත වෙලාවක් සඳහන් කරල තිබෙනවා. ඒ බව ඈපා පංචාංග ලිතේ 156 වැනි පිටුවල සඳහන් කරල ඇති. උදාහරණයක් වශයෙන් කොළඹට සූර්යය උදාව ජ්‍යොතිෂ්‍ය පොතේ සඳහන් කරල තිබෙන වේලාවෙන් මිනිත්තු 10 කුත් තත්පර 32 ක් අඩුකරල ගත්තාම හරි. නැකත ගැන තවදුරටත් විස්තර ලියනකං අපිට නැකත කියන කොටම නොනැකත මතක් වනවා.

මේ නොනැකත ගැන සෑම සිංහල අවුරුදු දිනයට

ගොඩක් කතාබහ කරනවා. මේ වෙලාවට කිසිදු වැඩක් කරන්නෙ නැහැ ආගමික වතාවත් හැරෙන්න. එහෙනම් දැන් අපි දන්නවා ඕනෑම ආගමික වතාවතක් කරන්න නැකතක් අවශ්‍ය නැති බව. ඒ උනාට ඔය ආචාර්යය, මහාචාර්යවරු, නායක මහානායක හාමුදුරුවරු බුද්ධ දර්ශනයේ වතාවත් කිරීමට නැකැත් ගන්නවා. විශේෂයෙන්ම කියන්න ඕනෑ ආගමික වතාවත් වලදී නැකතක් තිබුණත් එකයි නැතත් එකයි කියලා. සූර්යයා එක් අවස්ථාවකදී එනම් මීන රාශිය සම්පූර්ණයෙන් පහුකරල මේෂ රාශියට ඇතුල් වනවිට ප්‍රමාණයෙන් පුංචි රික්තයක් පවතිනවා. ඒ වෙලාවට සූර්යයා හරියටම රාශියකට ප්‍රවිශ්ට වෙලා නැහැ. ඒක හරියට 10 ය තුනෙන් බෙදුවාම පුංචි දශම ගණනක් ඉතුරුවනව වගේ. අන්න ඒ වෙලාවට තමයි නොනැකත කිව්වේ. ඒ වෙලාවට ස්ථිර වැඩක් කරන්නෙ නැහැ. ලෞකික වැඩ කරන්නෙ නැහැ.

මනුෂ්‍යයා ඒ කිව්වේ ග්‍රහ බලය විශ්වාස කරන කෙනා කිසියම් හෝ යහපත් වැඩක් කරන කොට නැකතක් ගන්නවා. ඒ නැකත තමුන්ගේ උපන් නැකතට සාපේක්‍ෂාවයි ගන්නෙ. මොකද උත්පත්තියේදී ස්තිජයේ උදාවෙලා තිබුණේ ඒ නැකත. මේ නැකැත් 27 න් එකක් සාම්ප්‍රදානුකූලව පවතින වෙලාවට සමහර විට යහපත් වන්නත් පුළුවන්. සමහර විට අයහපත් වන්නත් පුළුවන්. එම නිසා පවත්නා නැකතට සුබ නැකතක් හදල දෙනවා. දවසේ නැකත ගන්න දවසේ කාල හෝරාව ගැන දැනුමක් තිබෙන්න ඕනෑ. ඒක ගන්නෙ පැයෙන් පැයට. “අර්ඛඃ ශුක්‍රෝ බුධඃ චන්‍ද්‍රඃ යන ස්ලෝකයට අනුව. ඊළඟට ඒ පැය 12 න් බෙදලා පංචම වෙලාව ගන්න ඕනෑ. එතකොට නැකත මිනිත්තු 12 ට සීමා වෙනවා. ඒකත් අවශ්‍ය නම් නැවත බෙදලා සූක්‍ෂමය ගන්නත් පුළුවන්. එච්චර ඕන නැහැ. දැන් ඉතින් රවි දිනයක නම් ගුරුට හිමි විනාඩි 12 ත්, සඳු දිනයක නම් සඳුට හිමි මුල් මිනිත්තු 12ත්, අඟහරුවාදා නම් සෙනසුරුට අයිති අන්තිම මිනිත්තු 12ත්, ගුරු දිනයක නම් සඳුට අයිති විනාඩි 12ත්, සෙනසුරාදා නම් ශනිට අයිති මුල් විනාඩි 12ත්, බදාදා දිනයක නම් සිකුරුට අයිති විනාඩි 12ත්, සිකුරාදා නම් රවිට අයත් විනාඩි 12 ත් විෂ හොරා හැටියට ගන්න නිසා සුභ නැකතක් ගන්න කොට මේ මිනිත්තු 12 අත්හරින්න ඕනෑමයි. නැකතක් ගන්න කොට මේ විෂ හෝරාව අහු උණොත් ඔක්කොම ඉවරයි. ඒක තමයි කිව්වේ ජ්‍යොතිෂයත් බුදුදහම වගේ ප්‍රඥාවන්තයින්ට පමණයි කියලා. ජ්‍යොතිෂයත් ගුප්තවේදයත් නිවැරදිව කළොත් ගොඩම තමයි.

අපි දන්නවා මේ විශ්වයේ වේගයෙන් භ්‍රමනය වන ග්‍රහලෝක 9 ක් ගැන. මේවා තම කක්ෂය වටේත් අප වටේත් කැරකෙන කොට වරෙක සුභ පළත්, වරෙක අශුභ පළත් දෙනවා. දක්‍ෂ ජ්‍යොතිර්වේදියා ගණිතමය ප්‍රශ්න විසඳලා අශුභයක් නැති ශුභයක් ඇති වේලාවක්, දිශාවක් ලබා දෙනවා. ඒ තමයි නිවැරදි නැකත. ඒක සුබඵල දෙනවාමයි. තව පුංචි දෙයක් කියන්නම ඕනෑ. අපි හිතමු සම්මුඛ පරීක්‍ෂණයකට තම නිවසෙන් පිටවන්ට සුබ වේලාවක් දිශාවක් දෙනවා. එහෙම කිව් වෙලාවට නිවසෙන් පිටවෙලා සම්මුඛ පරීක්‍ෂණයට පෙනී සිටින්ට තව වෙලා තිබෙන නිසා කඩයකට හෝ අසල්වැසි ස්ථානයකට යනවා. එහෙම කළොත් නැකතින් වැඩක් නැති වනවා. නැකත කැඩෙනවා. නැකතක් අරගෙන නැකතට පිට උණොත් ඒ අවශ්‍ය ස්ථානයට යන්න ඕනෑ. වෙලාව වැඩිනම් එතැනට ගිහින් පොතක් පතක් බලන්න. වෙන කොහේවත් යන්ට එපා. නැකතට වැඩ කරල ජය ලබන්න.

ජ්‍යොතිෂයේ නැකත, නොනැකත අපි නොදන්න දේ

පාරම්පරික ජ්‍යොතිෂවේදී/
ගුප්ත විද්‍යාදර මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න
දු.ක.-0779870007, 0722174553.

advertistmentadvertistment
advertistmentadvertistment